-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගම්පහ බියගම පිහිටි බහුජාතික ෆොන්ටෙරා වස කිරිපිටි සමාගම ඉදිරිපිට අද දහවල් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වින.

ලක්මව දියණියෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට අම්මාවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ නියෝගයට ගරු කරමින් කිරිපිටි වෙළඳාම නවතා දමන ලෙසයි.
කර්මාන්ත ශාලාව ඉදිරිපිට විශාල පොලිස් ඇණියක්ද යොදවා තිබූ අතර විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීමක් නොවූ නිසා පොලීසිය මැදිහත්වීමක් සිදු වූයේ නැත.

මෙම විරෝධතාවය සඳහා ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනී ප‍්‍රියංගා කොතලාවල, නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර, කොළඹ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ ප‍්‍රියංගා කොතලාවල මහත්මිය මෙසේ සඳහන් කළාය.
‘‘ෆොන්ටෙරා සමාගම මෙරට වෙළඳපොළට නිකුත් කොට ඇති ඞී. සී. ඞී. විෂ රසායනිකය අඩංගු කිරිපිටි තොගය ඉවත් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් ඔවුන්ට දැනුම් දී දැන් සතියකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එහෙත් ඔවුන් ඒ විෂ කිරිපිටි සම්පූර්ණයෙන්ම වෙළඳපොළෙන් ඉවත් කර ගෙන නැහැ. ඒ වගේම ෆොන්ටෙරා සමාගමට ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳව වෙළඳ ප‍්‍රචාරණය වළක්වමින් මෙරට අභියාචනාධිකරණයත් දිසා අධිකරණයත් වාරණ නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ නියෝග කඩ කරමින් අධිකරණයට අපහාස කිරීමට අද වන විට මේ බහුජාතික සමාගම කටයුතු කොට තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, ඔවුන් ඉහත කී විෂ කිරිපිටිවලින් යෝගට් සෑදීම මගින් කුඩා දරුවන්ගේ සෞඛ්‍ය අනතුරේ හෙළනවා. නීති විරෝධීව ප‍්‍රචාරණය කරන වෙළඳ දැන්වීම් මගින් දරුවන් අතර ඒ විෂ යෝගට් ප‍්‍රචලිත කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නොවෙයි මේ විෂ සහිත ආනයනික කිරිපිටිවලින් යෝගට් සෑදීම මගින් මෙරට දේශීය ගොවියාගේ ‘‘බඩට ගැසීමත්’’ මේ බහුජාතික සමාගම සිදු කරනවා.

අපේ දරුවන් ලෙඩ කරවන මේ විෂ කිරිපිටි ජාවාරම දිහා නිහඩව බලා සිටින්න ‘‘ලක්මව දියණියෝ’’ විදියට අපට බැහැ. සල්ලිවලට විෂ විකුණන ‘ෆොන්ටෙරාට’ දඩුවම් ලබා දිය යුතුයි. අපේ අනාගත පරපුර ලෙඩ කරවන මේ දුෂ්ට ක‍්‍රියාදාමය පැරදවිය යුතුයි. අද මෙතැනින් පටන් ගත් අපේ ගමන මේ දුෂ්ට ක‍්‍රියාදාමය පරදවන තෙක් ඉදිරියට ගෙන යාමට දිවිහිමියෙන් කටයුතු කිරීමට ‘ලක්මව දියණියෝ’ පසුබට වන්නේ නැහැ’’



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week