-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Google සමාගම අද දිනයේදී Android devices සදහා “Android Device Manager” නමින් නවතම සේවාවක් පිලිබදව හදුන්වාදෙනු ලැබුවා. මෙම සේවාව බාවිතාකරන්නන් හට තමන්ගේ අතුරුදන් වූ හෝ සොරාගත් Android device එක තිබෙන තැන පහසුවෙන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය Apple සමාගමේ “Find my iPhone” සේවාවට සමාන සේවාවක්.
ජංගම දුරකථනය silent mode එකේ තිබෙන විටකදී උවද පරිශීලකයාට අවශ්‍ය නම් Android Device Manager හරහා ජංගම දුරකථනය ring කරවිය හැකියි. ඒ වගේම පරිශීලකයාට අවශ්‍ය නම් තම ජංගම දුරකතනයේ ඇති දත්ත remotely wipe කරලීමටත් මෙමගින් ඉඩකඩ සලසා දී තිබෙනවා. Android 2.2 මෙහෙයුම් පද්දතිය හා ඊට පසුව ආ සියලුම Android මෙහෙයුම් පද්දති සදහා Android පරිශීලකයින් වෙනුවෙන් ආරම්බ කරනු ලැබුවා. ඔබත් Android Smartphone එකක් හෝ Tablet එකක් බාවිතා කරන අයෙකු නම්, දැන් ඔබට පුළුවන් මෙම සේවාව අත්විදින්නට.

ඒ සදහා ඔබ කලයුත්තේ www.android.com/devicemanager යන URL එක ඔස්සේ ගොස් ඔබේ Device එක ලියාපදිංචි කර තිබෙන Google ගිණුමෙන් Android Device Manager වෙබ් අඩවියට login වෙන එකයි. ඉන් පසුව ඉහත රූපයේ පරිදි ඔබට ඔබේ device එක තිබෙන තැන දැක ගැනීමට ලැබෙනවා. ඊට අමතරව ඔබේ device එක ring කරන්න හා data wipe කරන්නත් ඒ හරහා ඔබට සලසාදී තිබෙනවා. ඔබේ device එක silent mood එකේ තිබුනත් Android Device Manager හරහා ඔබට පුළුවන් උපරිම ශබ්දයෙන් ඔබේ device එක ring කරවන්නට. Data wipe පහසුකම බාවිතය සදහා ඔබ ඔබේ device එකේ Factory reset පහසුකම enable කර තිබිය යුතුයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week