-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඔබේ සිරුරේ හැඩය විශේෂයෙන්ම උදර පෙදෙස ඇපල් ගෙඩියක ආකාරයෙන් යුක්තද? එසේත් නැතිනම් පෙයාස් ගෙඩියක ආකාරයෙන් යුක්තද? යන්න විමසීමක් කෙරෙන මෙම ලිපියේ මූලික පරමාර්ථය වන්නේ අධික ස්ථුලත්වයෙන් පෙළෙන ඔබගේ සිරුරේ ස්ථුලත්වය අවම කරමින් බෝ නොවන රෝගාබාධ වලින් වළක්වා ගැනීමට උපදෙස් කීපයක් ලබා දීමයි.

ඇපල් ගෙඩියක් වැනි තරබාරු සිරුරක් , කළ ගෙඩියක් වැනි විශාල උදරයක්, ප්‍රමාණයෙන් කුඩා තට්ටම් හා කලවා වලින් යුත් පුරුෂයෙක් නම් ඔබට බොහෝවිට අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග, දියවැඩියාව, Fatty lever යනාදි රෝගාබාධ වලට අනාගතයේදී ගොදුරු විය හැකියි.

 ඔබගේ සිරුරේ මේදය තැන්පත් වී ඇති බව මෙම හැඩ රුව ලක්ෂණ කදිමට කියා පාන බව බොහෝවිට ඔබ නොසිතන්නට ඇති. ඔබට අනාගතයේදී මෙවැනි රෝග වලින් වැළකී නිරෝගීව ජීවත් වීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඔබ ඔබේ සිරුර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඔබගේ ශරීරයේ මේදය තැම්පත් වී ඇති ආකාරය ඔබගේ දේහය අනුව නිරීක්ෂණය කරන්නේ කෙළෙසද?

1. පළමුවෙන් ටේප් එකක් රුගෙන ඔබගේ ඉන වටා ප්‍රමාණය මනින්න. (උදරය තද නොකොට සැහැල්ලුවට තබා මෙය කළ යුතුයි.)

2. උකුලේ වට ප්‍රමාණය මනින්න. (තට්ටම්වල පහළම ප්‍රදේශය හරහා)

3. දැන් ඉන වටේ ප්‍රමාණය උකුලේ වට ප්‍රමාණයෙන් බෙදා අනුපාතය ලබා ගන්න.

මේ අනුපාතය පිරිමියෙකුගේ නම් 0.9 වඩා වැඩි නම් හා ස්ත්‍රීයකගේ 0.8 ට වඩා වැඩි නම් කියාපාන්නේ ඔබේ සිරුර ඇපල් ගෙඩියක ප්‍රමාණයෙන් නිරූපනය වන බවය.

පෙයාස් ගෙඩියක ආකාරයට ඔබේ සිරුර තිබෙනවා දැකීමට නම් අද පටන් ඔබගේ ආහාර රටාව හා ජීවන රටාව වෙනස් කරන්න පටන් ගන්න.

එයට ගත යුතු පියවර කීපයක් පහත දැක්වෙනවා

දිනපතා පැය භාගයක් ව්‍යයාමේ යෙදෙන්න (ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම ආදිය)

එළවළු හා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගන්න.

වැඩි කැලරි සංඛ්‍යාවක් ඇති පැණි බීම, අයිස් ක්‍රීම්, පුඩින් වර්ග, සීනි සහිත රස කැවිලි වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. දිනකට ජලය ලීටර් 1 1/2 පමණ පානය කරන්න. ආහාර හොඳින් විකා ආහාරයට ගන්න.

රූපවාහිනිය නැරඹීම, පරිගණක භාවිතය ආදී වෙනත් වැඩකටයුතු වල නිරත වෙමින් ආහාර ගැනීමෙන් වළකින්න. එවිට අපට නොදැනුවත්වම විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමට බොහෝ සේ ඉඩකඩ ඇති බැවිනි.

ඇඟ සිහින් වන්නට කියා ප්‍රධාන ආහාර වේල් නොගෙන සිටීම අනුවන කමකි. සිරුරට නිසි පෝෂණය අවශ්‍ය බැවින් ප්‍රධාන ආහාර වේල් 3 අනිවාර්යෙන් ගත යුතුය.

ගෙබිම සේදීම, රෙදි සේදීම, මෙන්ම විදුලි සෝපානය වෙනුවට පඩිපෙල භාවිතා කිරීම පයින් යා හැකි දුර බසයෙන් ගමන් නොකර පයින් ගමන් කිරිම.

මෙම කරුණු කාරණා පිළිපැදීමෙන් ඔබගේ බර අඩු කර ගැනීමට ඔබට හැකි වන ඇත.

අන්තර්ජාලය ඇසුරෙන්
දීප්ති ෆොන්සේකා

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week