-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ත්‍රි-රෝද රථවල ගමන් ගන්නා තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ අඟපසඟ නැරඹීමට එම රථ තුළ ඇති කණ්‌ණාඩි සූක්‍ෂම ලෙස හරවාගෙන සිටි ත්‍රි-රෝද රථ රියැදුරන් 20 දෙනකු අත්අඩංගුවට ගැනීමට මතුගම මූලස්‌ථාන පොලිසිය සමත් විය.

කොට සායක්‌ හෝ ගවුමක්‌ හැඳ ත්‍රි-රෝද රථයට කුලී ගමන් යැමට ගොඩවන තරුණියන්ට නොදැනෙන ලෙස සිය ත්‍රි-රෝද රථ තුළ ඇති කණ්‌ණාඩි තුළින් ඇයගේ අඟ පසඟ නරඹා අනෙක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් සමග කයිවාරු ගසන ත්‍රි-රෝද රථ රියැදුරන් කීපදෙනකු මතුගම නගරයේ ත්‍රිරෝද රථ ගාල්වල සිටින බවට කීපදෙනකුගෙන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් කොටුකරගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනෙක්‌ ත්‍රි-රෝද රථයේ අභ්‍යන්තරයට පැති කණ්‌ණාඩි සවි කරන්නේ කුමන කාරණයකට දැයි ප්‍රශ්න කිරීමේදී ඔවුන් නිරුත්තර වී යැයිද පොලිසිය කීය.

සැකකාර ත්‍රි-රෝද රථ රියැදුරන් පොලිස්‌ ඇප මත මුදාහැරියද ඔවුන් ලබන 08 වැනිදා මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.

 මේ පිළිබඳව මතුගම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ටී. ලුඩවයිට්‌ මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ලංකාවේ කොල්ලො කොච්චර නම් අසරණද..?

ඉඳින්...අවස්ථාව නැතිකම පියවෙන්නේ අසරණ කෙල්ලක්.., දැරිවියක්.., නැතිනම් වැඩිමහලු කාන්තාවක වුව බිල්ලට අරගෙන..

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week