-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තරුණියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමට පොලිසියට එන්නැයි කී විට බියට පත්වී වස පානය කර තරුණයකු මිය යැමේ පුවතක්‌ දඹගල්ල රෝහලෙන් වාර්තාවේ.
මෙසේ මියගොස්‌ ඇත්තේ කොල්ලදෙණියේ 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි කොණරා-මුදියන්සේලාගේ අසංක හේමන්ත නමැති (23) තරුණයෙකි.
මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය මොනරාගල මාරාව හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු පී. එච්. ඡේ. අප්පුහාමි මහතා විසින් දඹගල්ල රෝහලේදී පවත්වන ලදි.
දඹගල්ල රෝහලේ දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. එම්. විජයානන්ද මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලද අතර, දඹගල්ල පොලිසියේ පො. කො 36847 උදයපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කර සාක්‍ෂි මෙහෙයවන ලදී.
එහිදී සාක්‍ෂි දුන් මියගිය අයගේ පියා වන කොණර මුදියන්සේලාගේ ගුණපාල (44) නමැති අය මෙසේ කීය.
මම රැකියාවට ගොවිතැන් කරනවා. මගේ බිරිඳට මට දාව පිරිමි ළමයි දෙදෙනෙක්‌ සහ ගැහැනු ළමයි දෙදෙනෙක්‌ සිටිනවා. මේ ළමයි අවිවාහකයි. මෙසේ හදිසියේම මියගිහින් සිටිනුයේ දෙවැනි පුතායි. මොහු 8 වසර දක්‌වා ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව ගොවිතැන් කරමින් සිටියා. සිද්ධිය වූ දවසේ මමත් මගේ බිරිඳත් පෙරවරු 10.30 ට පමණ අපට අයත් කඩේ සිටිනවිට දඹගල්ල පොලිසියේ රාළහාමි කෙනකු ඇවිත් අසංක කියන්නේ කවුද? ඉන්නවද? කියලා ඇසුවා.. මම කීවා ඒ මගේ පුතා එයා ගෙදර නැහැ කියලා. ඇයි කියලා ඇහුවාම රාළහාමි කීවා, තරුණියක විසින් ඇයට තුන්මසක දරුගැබක්‌ ඇති බවත් දරුවාගේ පියා අසංක බවට පැමිණිල්ලක්‌ කර තිබෙන බවත් එය විභාග කිරීමට පොලිසියට එන්න කියලා කිව්වා.
එදින නිවසට ආවාම අසංක පුතාට ඒ බව මම කීවා, පුතා නිශ්ශබ්දව සිටියා. මම කීවා පුතා කැමැති නම් එම තරුණිය එකතු කරගෙන එමු කියලා. මම ඒ ගැන හොයලා බලනකොට ඇය අසංකට පුංචි අම්මා වන අයෙක්‌. නමුත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. අපි පොලිසියට ගිහිල්ලා බේරුම් කරගෙන එමු කියලා කිව්වා. මගේ ළඟ සිටි බිරිඳත් එය අනුමත කළා. බිරිඳත් මමත් කඩේ සිටින විට පෙරවරු 7.30 ට විතර පුතා කඩේට ආවා. මම කීවා පොලිසියට යමු මමත් එනවා කියලා. නමුත් පෙරවරු 10.00 වන තෙක්‌ම පුතා පොලිසියට යන්න ආවේ නැහැ. මම ගෙදරට ගියා ඒ සමග බිරිඳත් ආවා. අසංක පුතා කුස්‌සිය ළඟ මඩුවේ වැටිල හිටියා. මම කෑගහනකොට මල්ලිලත් ආවා. ඒ අය කුරේටර් දියර කුප්පියක්‌ සොයාගත්තා. අපි හිතුව පුතා වසබීලා කියලා. ත්‍රී වීලරයකින් පුතාව දඹගල්ල රෝහලට ගෙනාවා. වෛද්‍යවරයකු පරීක්‍ෂා කර බලල කීවා ටික වෙලාවකට කලින් මියගිහිල්ලා කියලා.
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව මියගිය අයට විරුද්ධව, ඔහුට දාව දරුවකු ලැබෙන්නට සිටින තරුණියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසියට යැමට බියෙන් වස පානය කර සිය දිවි නසාගත් බවට හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් තීරණය කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos