ජංගම දුරකථනවලින් සහ කාර්යාල සහ නිවාසවල දුරකථනවලින් කෙරෙන සංවාදවලට සවන්දීමේ උපකරණ පරිගණක උපාංග මුවාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි හෙළිව තිබේ.
ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන්ගේ දුරකථනවලට විදේශ බුද්ධි සේවාවන් පිටින් සවන් දෙන බවට වාර්තා වීමත් සමඟම මෙම උපාංග මෙරට ඇති බව අනාවරණය වී ඇත.
රෝවින් බග් (Rදඩසබට ඉමට) නමැති තාක්‍ෂණික ක්‍රමවේදය මත දුරකථනවලට සවන් දීමේ ක්‍රම වෙනත් රටවල ද ක්‍රියාත්මක කිරීම සඳහා වුවද රටකට බුද්ධි සේවා විදේශ විමර්ශන පනත යටතේ අනුමැතිය ලැබී ඇති බව ද මෙරට බුද්ධි සේවා ආරංචි මාර්ග දක්‌වයි.
ජංගම දුරකථනය භාවිත නොකරන අවස්‌ථාවක බැටරිය උණුසුම් වීම සහ දුරකථනය විටින් විට ආලෝකවත්වීම සහ දුරකථන සංවාදයකදී බීප් යන හඬ මතුවීම යන කරුණුවලින් එකී දුරකථනයට සවන්දෙන බව සනාථ වන්නේ යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග කියයි.
මෙලෙස දුරකථනවලට සවන්දීමේ උපාංග ක්‍රියාත්මක කළ හැකි විදෙස් පුහුණුව ලත් තාක්‍ෂණික ශිල්පීන් පිරිසක් ද මෙරට සිටින බවට ද වාර්තා වී ඇත.
දුරකථන 'ටැප්' කරන උපකරණ පරිගණක මුවාවෙන් ගෙන්වලා
2013-07-02T06:40:00+05:30
Janith
Local news|