ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් A කණ්ඩායමේ ක‍්‍රීඩකයකු අඩි 35,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබූ ගුවන් යානයක දොර විවෘත කරන්නට ගොස් සිදුවන්නට ගිය මහත් විනාශයක් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් වැලකී ගොස් තිබේ.
බීමත්ව සිට ඇති මෙම ක‍්‍රීඩකයා වැසිකිලියේ දොර යයි සිතා ගුවන් යානයේ පිටවීමේ දොර විවර කරන්නට උත්සාහ ගෙන තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ යානාව බි‍්‍රතාන්‍ය ජාතික ගුවන් සේවයට අයත් වූවකි. එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.