හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නමින් එකවර බැංකු ගිණුම් රාශියක් පවත්වාගෙන යාමෙන් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ජාතික සංවර්ධන බැංකුවට රුපියල් 50,000ක දඩයක් නියම කර ඇත.
මුදල් විශුද්ධිකරණ පනත අනුව යම් පුද්ගලයෙකු සමීප කාල පරාසයක් තුල බැංකු ගිණුම් රාශියක් පවත්වාගෙන යන්නේ නම් අදාල ගිණුම්කරුට මුදල් ලැබෙන ආකාරය ගැන විමසිය යුතු හා ප‍්‍රශ්ණ කල යුතු වෙයි.
එහෙත් හිටපු අගවිනිසුරුවරියට ගිණුම්ගත කිරීම සඳහා මුදල් ලැබුණු ආකාරය ගැන විධිමත් විමර්ශණයක් එම ගිණුම් පවත්වාගෙන ගිය ජාතික සංවර්දන බැංකුව විසින් නොකිරීම නිසා මෙම දඩය පනවනු ලැබ ඇත.