කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පොලීසිය සිදු කල වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇත.
මිනුවන්ගොඩ තෙලග්ගල ප‍්‍රදේශයේ කාන්තාවක් මරන්නට උත්සාහ කරන්නේ යයි ලද තොරතුරක් මත පොලීසිය එහි යන විට සැකකරු ගෙදර දොර වසාගෙන ඇගේ බෙල්ලට පිහිය තබාගෙන සිට ඇත.
ඇය ඝාතනය නොකරන්නැයි පොලීසයේ ඉල්ලීම ඉවත දැමූ විට ගැහැණිය බේරා ගැනීමට පොලීසිය ඔහුට ජනේලයකින් වෙඩි තබා ඇත.
පසුව දෙදෙනාම රෝහල් ගත කරන ලදුව සැකකරු මිය ගොස් ඇත.






