අන්වර්ථ නාමයකින් විහිළු කළේ යැයි මුවට රසායනිකයක් දමා සිසුවකුට තුවාල කළ බව කියන මාතලේ උසස් පාලසක ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඞ් නමැති රසායනිකය දැමීමෙන් දෙතොලට තුවාල කල බවට සැලකෙන සැකකාර ගුරුවරයා හෙට දිනයේ දී මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
තුවාල ලැබූ සිසුවා මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටවගොස් ඇති අතර මාතලේ මූලස්ථාන පොලිසිය විසින් සැකකරු ඉකුත් 30 දින අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිසුන් විද්‍යාගරයේ පරීක්ෂණයක් කරමින් සිටියදී අසලින් ගමන් කරමින් සිටි ගුරුවරයාට කිසියම් අයෙකු විසින් අන්වර්ථ නාමයකින් ඇමතීම නිසා උරණ වූ ගුරුවරයා ‘මේ මෙනවාද දන්නවාදැ’ යි ප‍්‍රශ්න කරමින් සිසුවාගේ කටට රසායනිකය දැමීම හේතුවෙන් ඔහු තුවාල ලබා ඇතැයි මූලික පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
(මහේෂ් තිලකරත්න-මාතලේ)