-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


රැකියාවක් සඳහා සෞදි ආරාබියට ගොස් සිටියදී මියගිය මාතලේ අල්වත්ත ජනපදයේ වයලට් මාලනීගේ මළසිරුර මාස 06 කට පසු ඇගේ නිවසට එවා ඇත.
සිය මවගේ මළසිරුර ගෙන්වා දෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හා මාධ්‍ය මගින් කළ ඉල්ලීමට අනුව මෙම දේහය මාස 06 ක් පමණ ගතවී මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ බව මාලනීගේ දියණිය වන සුරේඛා කුමාරි පැවසුවාය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 දින සෞදියේ ගෘහ සේවයට ගිය වයලට් මාලනී සේවයේ යෙදී සිටි නිවසේ අයගේ විවිධ හිරිහැරවලට ලක්ව ඝාතනය කර පුළුස්සා වළ දමා ඇති බව ඇයගේ ඥාතීන් මෙන්ම එරටදී සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

වයලට් මාලනීගේ සැමියා වන සයිමන් මෙසේ පැවසීය.

‘මං දන්න හැම තැනටම කිව්වා, විදේශ සේවා එකට කිව්වා. අපි මාධ්‍ය මගින් මේ දේවල් කිව්වා. ඊට පසුව තමයි බලධාරින් අවධානය යොමු කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග‍්‍රහය යටතේ මගේ බිරිඳගේ මළසිරුර ලංකාවට ගෙනාවෙ. අතක් පයක් කඩලා හරි ලංකාවට එව්ව නම් හොඳ කරගන්න තිබුණා. නමුත් මේ අපරධය අපිට දරාගන්න බෑ. මින් ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න වගබලා ගත යුතුයි. ඒජන්සියට මේ කාරණය කිව්වා. ඒ මිනිස්සු තුට්ටුවකටවත් අපිව ගණන් ගත්තෙ නැහැ. මේ වගේ දේවල් ඉදිරියටත් නොවන්න අදාළ බලධාරීන් වගබලා ගන්න  ඕන ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos