-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය දිනවල චීනය සහ ඉන්දියාව කොළඹ ඉඩම්  මිලදි ගැනීම සඳහා පොරකෑම පිළිබඳව පුවත්පත් සිරස්තල මැවුනි. ඉන්දියානු සමාගමක් මිලදි ගැනීමට බලාපොරොත්තු වූ කොළඹ ගාලූපාරේ රජයට අයත් වටිනා ඉඩමක් එම සමාගමට ලබානොදි චීන සමාගමකට විකිණීම පිළිබඳව ඉන්දියානු රජය විසින් ශ‍්‍රී ලංකා රජයට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත. මෙම ප‍්‍රවෘතිය සමග සාමාන්‍ය මහජනයාගේ සිත්තුල රටේ අනාගතය පිළිබඳව ඉතා සුභවාදි පින්තුරයක් මැවීම වැලැක්විය නොහැක. එයට හේතුව දැන් අපේ රටේ ආයෝජනය කිරිම සඳහා විදේශිකයින් මරාගෙන මැරෙන තරඟයක යෙදීසිටින බවක් පෙනීමයි. නමුත් අප රටේ ඊනියා විදේශ ආයෝජන පිළිබඳ සැබෑ තත්ත්වය සහ ඉහත සඳහන්කල සුවිශේෂි ප‍්‍රවෘතියට අදාල තත්ත්වය අතර පැහැදිලි පරස්පරයක් ඇත.

පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාවේ විදේශ ආයෝජන ඉලක්ක සපුරා නොගැනීම පිළිබඳව මහාභාණ්ඩාගාරයේ ප‍්‍රධානින් විසින් ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධානීන්ට දොස් පවරනු දක්නට ලැබුණි. (එම ආයතන දෙකම එකම ප‍්‍රධානියකු යටතේ පැවතීම වෙනම කරුණකි.* එපමණක් නොව ආයෝජකයින්ට ‘නරකලෙස’ සලකනවා නම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ආයෝජකයින්ට ආරාධනා කරන දැන්වීම්ද පුවත්පත් පිටුපුරා පළවිය. එය සමානකල හැක්කේ පොලිස් පොඞ්ඩන් මහජනයාට හිරිහැර කරනවානම් ඒ පිළිබඳව තමාට දැනුම් දෙන ලෙස පොලිස් ලොක්කකු විසින් කරන ඉල්ලීමකටය. ඒ අනුව ඉහල රාජ්‍ය නිලධාරින් ප‍්‍රශ්න කරන්නේ අමාත්‍යාංශවලින් භාණ්ඩාගාරයේ විවිධ අංශ වලට සහ මහ බැංකුවට ඉදිරිපත්කරන ‘‘තරඟකාරි නොවන ව්‍යාපෘති යෝජනා’’ මාස ගණන් පරක්කු වීම පිළිබඳවද එම දැන්වීම්වල සඳහන් අංක වලට පැමිණිළි කල හැකිද යනුවෙනි. එයට උත්තරයක් දෙනවා නම් දිය හැක්කේ පේන ඇසීමට වෙන කෙනෙකු නැති නම් හොරාගේ අම්මාගෙන් වුවද පේන ඇසීමේ වරදක් නැතැයි යනුවෙනි.

කෙසේවෙතත් විදේශ ආයෝජන ආශ‍්‍රිතව දැනට පවතින තත්ත්වය තුළ පසුගිය වසරේදි ආයෝජකයින්ගේ උනන්දුව අනුව රජය බලාපොරොත්තු වූ විදේශ ආයෝජන ප‍්‍රමාණය ඩොලර් මිලියන 1700 කට ආසන්න වේ. නමුත් ඇත්තවශයෙන් ආයෝජන ලෙස රටට ගලා ආවේ ඩොලර්මිලියන 400 කටත් අඩු ප‍්‍රමාණයකි. ඒ අනුව පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජකයින් පැනගෙන එන ගමනාන්තයක් නොවන බවය. අප රට ආයෝජකයින්ගේ කැමැත්ත අනුව ලැයිස්තුගත කිරිමේදි ශ්‍රේණිගත වන්නේ බංගලාදේශයටත් වඩා පහළිනි. ඒ අනුව ආයෝජන වලට අදාල පොදු ප‍්‍රවණතාවය සහ ඉන්දියාව සහ චීනය අතර පවතින භූ දේශපාලනික උපාය මාර්ගික අවශ්‍යතා නිසා පැනනගින තරඟය අතර පරස්පරය වඩාත් පුළුල් තලයක විමසා බැලිය යුතුය.

අප රටේ භාණ්ඩාගාරයේ අංක ගණිත ආර්ථික විද්වතුන් ආයෝජන ගැටළුවට පිළිතුරු සොයන්නේ අදාල පහල නිලධාරින්ගේ අත කරකැවීම තුලිනි. බොහෝවිට එම නිලධාරින්ගේ ආකාර්්‍යක්‍ෂමතාව, නොහැකියාව, දුෂිත හෝ අව ක‍්‍රියා මෙන්ම ආර්ථික ඝාතක උවමනා ආදි කරුණු නිසාද ආයෝජකයින්ග් අපේක්‍ෂා ඉටුකිරිමට නොහැකිවනවා විය හැක. ඊට අමතරව මෙම නිළධාරින් ආයෝජකයින්ට ඉදිරිපත්කරන දේ හෝ විකුණන භාණ්ඩය සහ ආයෝජකයින් බලාපොරොත්තුවන දේ අතර බරපතල හිදැසක් තිබෙන බවද පිළිගත හැක. එහෙත් රටට වඩා තීරණාත්මක වන්නේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා ආයෝජකයින්ට සැබැවින්ම ඉදිරිපත්කල යුතු දේ සහ ප‍්‍රායෝගිකව නිලධාරිතන්ත‍්‍රය (ඉහළ සිට පහළට) විසින් ඉදිරිපත්කර දේ අතර වෙනස වටහා ගැනීමය.

කෙසේවෙතත් ආයෝජන මණ්ඩල පනත ක‍්‍රියාත්මක වූ දා සිට විවිධ රජයන් යටතේ ආයෝජකයින් සතුටු කිරිම සඳහා විවෘතකල හැකි සියලූ දොරවල් විවෘත කිරිමටත් ගැලවිය හැකි සියලූ සළුපිලි ගැලවීමටත් කටයුතු කොට ඇති බව මහජනයාට රහසක් නොවේ. එම පනත ඊට පෙර රටේ ක‍්‍රියාත්මක වූ පනත් 13 කට ඉහළින් ස්ථානගත කොට ඇති බැවින් වෙනත් බොහෙෝ පනත් වලින් පනවා ඇති සීමාවන් අතික‍්‍රමණය කොට ආයෝජකයිනගේ ගැටළු විසඳීමට නීතිමය ප‍්‍රතිපාදනද ඇත. ආයෝජකයින්ට මෙතෙක් නොදී ඇති සහ තවදුරටත් දීමට ඇති දෙයක් වේ නම් ඒවා මොනවාදැයි රටට හෙලිකිරිම ආයෝජන දිරිගන්වන පණ්ඩිතයින්ගේ වගකීමකි. එම ප‍්‍රශ්නයට උත්තර ලෙස ඔවුන් කියන්නේ තව තවත් අධිවේගි මාර්ග සහ අභ්‍යන්තර ගුවන්තොටුපල ඉදිකරන්නේ නැතිව ආයෝජන ගෙන්වා ගත නොහැකි බවයි. එම යටිතල පහසුකම් ව්‍යාපෘති වලට ආයෝජකයින් ගෙන්වා ගැනීමට නොහැකි විමට හේතු ඇසුවිට ඔවුන් කියන්නේ ඒවාට මුදල් යෙදවීම බදු ගෙවන ජනතාවගේ වගකීම බවය. එනම් ආයෝජන වෙනුවෙන් ආයෝජනය කිරීමේ වගකීම ජනතාව සතු බවයි.

මේ සියලූ කාරණා සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ කොළඹ ඉඩම් සඳහා ‘ඉන්දු – චීන යුද්ධයක්’ ඇතිවීමට මෙන්මෙ පාදුවේ ආයෝජන ඉලක්ක පහල මට්ටමක පැවැතීමට පොදු හේතුවක් ඇති බවය. ඒ අද අප පවත්වාගෙන යන ආයෝජන ප‍්‍රතිපත්තියේ හෙවත් මොඩලයේ දුප්පත්කමය. අප ජාතියක් ලෙස අප රටට ගෙන්වාගත යුතු විදේශ ආයෝජන මෙනවාද එසේ නැතහොත් කුමන හේතුවක් නිසා හෝ ගෙන්වාගත යුතු නැති ආයෝජන මෙනවාද යන්න පිළිබඳව දේශපාලන එකඟතාවයකට පැමිණ ඇත. දැන් අප කරන්නේ කෙමනක් අටවාගෙන සිටින ගැමියකු සේ අහුවෙන  ඕනෑම ජාතියේ මාළුවෙක් ආවාවේ කියා බලා සිටීමය. ඒ නිසා දැන් එන්නේ පරණ බැටරි එකතුකර ඒවායේ ඊයම් උනුකර පිටරට පටවන ආයෝජකයින්ය. එසේ නැතහොත් පැරණි තඹ උණුකර පිටරට පටවන හෝ ආනයනික ෆාම්තෙල් වලට හයිඩ‍්‍රජන් වායුව ගසා ව්‍යාජ ගිතෙල් (වනස්පති* හදන ආයෝජකයින්ය. එසේත් නැතහොත් නිවාස ව්‍යාපෘති සඳහා තුට්ටු දෙකට ඉඩම් ලබාගෙන එම ඉඩම් ටික කොටස්කර විකුණා පැන යන ආයෝජකයින්ය. මේ ආකාරකයට අප රටට පිළිලයක් වී ඇති රටේ ආනයන- අපනයන නීතිද උල්ලංගණය කරමින් මුදල් උපයන කූඨ ජවාරම්කාර විදේශිකයින් අප තවදුරටත් ආයෝජකයින් ලෙස හඳුන්වනවාද? ඊට වඩා දහස් ගුණයකින් දියුණු ආයෝජකයින් අප රටේ සිටිති.

එසේ නම් අපට අවශ්‍ය මොන ජාතියේ ආයෝජකයින්ද? අපට අවශ්‍ය වන්නේ දේශිය ආයෝජකයින්ට කරන්නට බැරිදේ හෝ ඔවුන් නොකරන දේ කරන ආයෝජකයින්ය. එනම් කන්තලේ සහ හිගුරාණ වසාදමා ඇති සීනි කර්මාන්තශලා නැවත ආරම්භකර එම ප‍්‍රදේශයේ ගොවියාට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා විවෘත කරන ආයෝජකයින්ය. එසේත් නැතහොත් දේශිය කිරි වලින් දේශිව කිරිපිටි නිපදවා දේශිය වෙළඳ පලට ඉදිරිපත් කරන ආයෝජකයින්ය. පිටරටින් කිරිපිටි ගෙනවිත් ඒවා දියකර යෝගට් හදා දේශිය නැවුම් කිරි වෙළඳපල විනාශකරන ආයෝජකයින් අපට අවශ්‍ය නැත. එමෙන්ම හම්බන්තොට වරාය ලෝකයේ ප‍්‍රමුඛතම වරායක් කිරිමට අවශ්‍ය සේවා ආශ‍්‍රිත ආයෝජනය සඳහා ආයෝජකයින් අපට අවශ්‍ය වේ. ඒ වෙනුවට මුහුද ගොඩකර ව්‍යාජ නගර ඉදිකරන ආයෝජකයින් අපට අවශ්‍ය නැත. කිසිවකු එසේ එනවා නම් එන්නේ හම්බන්තොට වරායේ ලෝක පුජිත වටිනාකම හෑල්ලූකොට එම ව්‍යාපෘතිය ආසාර්ථක කිරිමට කුමන්ත‍්‍රණ කරන සිංගප්පුරු සමාගම්වල තැරැුව්කරුවන් ලෙස විය යුතුය.

පසුගිය කාලයේදි විදේශ ආයෝජන වලින් රටට සිදුවු යහපත ගැඹුරින් විමසා බැලිය යුතු – කාලය දැන් පැමිණ ඇත. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ ලාභ ශ‍්‍රමය සහ ස්වභාවික සම්පත් තුට්ටුදෙකට විකුණා කන ආයෝජන වලින් නම් අපේ රටට යහපතක් සිදුවී නොමැති බවය. ඊට අමතරව රටේ පවත්නා ආර්ථික සංවර්ධන මොඩලය සහ විදේශ ආයෝජන දිරිගැන්වීමේ උපාංග අතර පරස්පරයක් තිබිය නොහැක. ඩොලර් මිලියනයක් දෙකක් රටතුලට ගෙන එන  ඕනෑම කූඨ ජාවාරම් කරුවකු ඉඹලා පිළිගතයුතු යයි කියන පුංචි මනස් සහිත දේශපාලකිය්නට මේ මහා අභියෝගය ජයගත හැකිද? අද අපට ඉන්දියාව සහ චීනය අතර පවතින සීතල යුද්ධය හෙවත් භූ දේශපාලන උපායමාර්ගික අපේක්‍ෂා ඉටුකර ගැනීමේ තරඟය අප රටේ වාසියට යොදා ගැනීමට නොහැකි වී ඇත්තේ මේ පුංචි මනස් සහ ඒවා යටත් කරන ආර්ථික ඝාතක නිලධාරින්ගේ ක‍්‍රියාකාරකම් නිසාය. ගාලූපාරේ එක ඉඩමකට ඉන්දියාව සහ චීනය රණ්ඩුකරන තත්ත්වයක් පැන නැගීම එක්තරා සුභවාදී තත්ත්වයකි. එසේ වුවත් ඒ තත්ත්වය භාවිතාකොට ඒ රටවල් ඉල්ලා සිටින කැරට් අල වෙනුවට අප රට තෝරන කැරට් අල දිගු කිරිමට උසස් රාජ්‍ය තාන්ත‍්‍රික උපාය මාර්ගික ඥානයක් අවශ්‍ය වේ. අපේ රටේ ආර්ථිකය හසුරුවන (ඝාතනය කරන* උසස් පුටුවල වැජඹෙන වගකිව යුත්තන්ට ඒ ඥානය නැති බව දැන් පැහැදිලිව පිළිගැනීමට සිදුවී ඇත. දේශපාලන උපාය මාර්ගික ඥානයේ ඌනතාවය විසින් ආර්ථික ඝාතකයින්ට පහසුකම් සලසන ආකාරය හැදෑරීමට ශ‍්‍රී ලංකාව තරම් පර්යේෂණ භූමියක් ලෝකයේ වෙනතක් රටක තිබේ දැයි සැක සහිතය.

චීනය ඉතා පැහැදිලිවම ශ‍්‍රී ලංකාව දේශපාලන සහ සංස්කෘතික වශයෙන් යටත් කිරිමේ මෙහෙයුමක යෙදී සිටින ලකුණු පෙන්නුම් කරන්නේ නැත. ඔවුන්ගේ මුලික උපායමාර්ගික අවශ්‍යතාව ඉන්දියන් සාගරයේ නාවික ආධිපත්‍යය බටහිරයන්ට හෝ ඉන්දියානුවන්ට අත්පත්නොවන බව සහතික කර ගැනීමය. ඒ සඳහා අවශ්‍ය මුලික කොන්දේසිය ශ‍්‍රී ලංකාව චීනයේ අපේක්‍ෂාව පිළිබඳව දැනුවත්ව සහ  අවබෝධයෙන් කටයුතු කරන බව සහතික කර ගැනීමය. ඒ නිසා ඉන්දියාව මෙන් අත කර කැවීමේ උපාංග යොදාගන්නවාට වඩා චීනය උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාවට කැරට් අල දිගු කිරිමටය. යුද්ධය පැවති සමයේදි චීනය අපට කොන්දේසි විරහිතව උදව් කරන්නේ ඒ කැරට් අල න්‍යාය යටතේය.  ඒ අනුව චීනය ආර්ථික ක්‍ෂේත‍්‍රයේ යම් අත්පත්කරගැනීම් සඳහා උනන්දු වන්නේ පොදු ආර්ථික වාසියට වඩා ඉන්දියාව එම අවස්ථා අත්පත්කර ගැනීම වැලැක්වීමටය. හම්බන්තොට වරාය ව්‍යාපෘතියට චීනය මැදිහත් නොවුවානම් ඉන්දියාව එය ඩැහැගැනීමට ඉතා වැඩි ඉඩකඩක් තිබුණි.

නමුත් පාරවල් හැදිමේ කොන්ත‍්‍රාත් දීම සහ ලබාගැනීම හඳුනාගත යුත්තේ අපේ කොමිස්කාරයින්ගේ සහ චීන කොමිස්කාරයින්ගේ සිල්ලර වැඩ ලෙසය. ඒවා යම් නිලධාරින් සහ සමහර ඇමැතිවරුන් වෙන්කර දිනාගැනීමේ කැරට් අල ලෙසද භාවිතාවනවා විය හැක. කෙසේවෙතත් චීනය මෑත කාලිනව භූමිය අත්පත්කර ගැනීමේ ප‍්‍රවනතාවයක් පෙන්නුම් කරන්නේ ඉන්දියාවේ හැසිරිමට සාපේක්‍ෂවය. ඉන්දියාව තෙල් කැනීමේ කොන්ත‍්‍රාත් ලබාගන්නා විට චීනයද ඒවා ඉල්ලා සිටින්නේ එසේ භූමිය අත්පත්කර ගැනීමට අමතරව ලෝක පරිමාන බලශක්ති විභවය අත්පත්කර ගැනීමේ උවමනාවටද අනුවය.

එසේවුවත් ශ‍්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය ඉතා ආක‍්‍රමණශිලි සහ කොල්ලකාරි ස්වභාවයක් ගන්නා බව පැහැදිලිව පෙනේ. චීනය මෙන් නොව ඉන්දියාව ආර්ථික යටත් කිරිම සඳහා බෙදුම්වාදි දේශපාලන උපාංග එලිපිටට සහ බහුලව යොදා ගනියි. එසේම ඉන්දියාව ඓතිහාසිකව හැසිරෙන්නේ ශ‍්‍රී ලංකාව ඔවුන්ගේ භූදේශපාලන ආධිපත්‍යයට අදාල යථාර්ථය පිළිබඳව සංවේදි විය යුතුය යන පුර්ව නිගමනය සහිතවය. කොළඹ නගරයේ ඉඩම් කැබැල්ලක් පිළිබඳ රණ්ඩුවක් මතුපිටට පෙනුනත් පසුගිය කාලයේදී ඔවුන් ඉදිරිපත්කල සියලූ ආර්ථික ඉල්ලීම් පෙලගස්වා බැලීමේදී පෙනී යන්නේ ආර්ථික සහ දේශපාලන වශයෙන් අප රට තීරණාත්මක ලෙස යටත් කිරිම ඔවුන්ගේ අවසාන අරමුණ බවයි.  එම පෙළගැස්වීමේදී අංක එකට එන්නේ බලශක්ති ක්‍ෂේත‍්‍රයේ සිදුකිරිමට අර අදින අත්පත්කර ගැනීමයි. එම ක‍්‍රියාවලිය දැනටමත් බොහෝ දුර ගොස් ඇත. එහිදි ඔවුන් ශ‍්‍රී ලංකාවේ උතුරුකර මුදහුදේ තෙල් කැනිම ඉන්දියාවේ ඒකාධිකාරයක් බවට පත්කර ගැනීමට ප‍්‍රභල උත්සාහයක යෙදේ. ඒ උත්සාහය පරාජය කිරිම සඳහා චීනයේ සහ රුසියාවේ ඉල්ලීම් සලකා බැලිමේ භාග්‍යය ශ‍්‍රී ලංකාවට ඇත. නමුත් අප ඒ ආකාරයට බලතුලනය කිරිමට ලැබී ඇති අවස්ථාව ඥාණවන්තව භාවිතා කරන බවක් පෙනෙන්නේ නැත.

මේ වන විට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ලද ඉන්දියාව විසින් අත්පත්කොට ගෙන ඇත. එම ටැංකි පිහිටා ඇති ඉඩමේ අයිතිය පිළිබඳ ගැටළුවක් මුල්කරගෙන ඒවා ආපසු ලබාගැනීමට රජය උත්සාහයක් ගත්තද එය සාර්ථික වුයේ නැත. ඉන්දියාව ඊට ප‍්‍රතිචාර දැක්වුයේ ඉඩම් අයිතිය සහතික වන්නේ නැතිව තිබියදීම තෙල් ටැංකි අළුත් වැඩියාව සඳහා මුදල් වැය කරමිනි. ඒක‍්‍රියාව තුල සැඟව ඇති පණිවිඩය තුල ප‍්‍රභල බලහත්කාරයක් ගැබ්ව ඇත. ඊට අමතවර මේ වන විට ඉන්දියාව තෙල් බෙදා හැරීමේ සහ සිල්ලරට විකිණීමේ වෙළඳපල තුළද සැලකිය යුතු කොටසක් අත්පත්කොට ගෙන ඇත. දැන් ඔවුන්ගේ නවතම ඉල්ලීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල ඊට වඩා හතරගුණයකින් ධාරිතාව සහිත පිරිපහදුවක් ඉදිකිරිමට ඉඩ ලබාගැනීමයි. ඊට ඉඩ ලබාදුනහොත් බලශක්ති ක්‍ෂේත‍්‍රයේදි ශ‍්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ ඉතා අවසරණ තත්ත්වයකට පත්වනු ඇත. වෙනත් වචනවලින් කියනවා  ඕනෑම වේලාවක ‘‘ශ‍්‍රී ලංකා යන්ත‍්‍රයේ’’ ඇන්ජිම නිවා දැම්මේ යතුර ඉන්දියාව අතට ලැබෙනු ඇත.

මෙම තත්ත්වයට දිර්ඝ කාලින දැක්මක් සහිතව රජය මුහුණදෙන බවක් පෙනෙන්නේ නැත. ඒ සඳහා වන හොඳම උදාහරණය රුසියාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරිමට ගෙන ආ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරිම හෝ නොසලකා හැරිමයි. ඉන්දියාව සමඟ තරඟකාරිව චීනය තෙල් කැනිමට ඉදිරිපත්වන තත්ත්වයක් තුළ රුසියාව පිරිපහදුවට සම්බන්ධකර ගැනිම උපායමාර්ගික වශයෙන් වැදගත් තීන්දුවකි. අද සිරියාවට බාහිරින් පහර දීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත්තේ වරාය ආශ‍්‍රිතව පවතින රුසියානු දේපල නිසාය. ඒ අනුව චීනයට සහ රුසියාවට අප රටේ ආර්ථිකයේ අප විසින් නිශ්චිතව තොරාගන්නා කොටසක් (පමණක්* අත්පත්කර ගැනීමට ඉඩදීම ඉතා තීරණාත්මක දේශපාලන උපාය මාර්ගයකි. එය විශේෂයෙන්ම අවධාරණය කිරිමට සිදුවන්නේ මේ වනවිට එක්සත් ජාතින්ගේ ආශිර්වාදය යටතේ දියත්ව ඇති නව ඊලාම් සැලසුම තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට ප‍්‍රභල ඉඩකඩක් පැවතීම නිසාය.

මේ වන විට ඉන්දියව උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල විශේෂයෙන්ම ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කය මුල්කරගෙන ප‍්‍රභල අත්පත්කරගැනීමකට උත්සාහයක් ගනිමින් ඇත. චීනය හම්බන්තොට වරායේ අවස්ථා ලබාගන්නා විට ඉන්දියාව ඊට ප‍්‍රතිචාර ලෙස ත‍්‍රිකුණාමලයට අවධානය යොමුකොට ඇති බව පැහැදිලිය. සාම්පුර්  බලාගාරයෙන් සහ තෙල් ටැංකි වලින් පටන්ගෙන දැන් විශේෂ ආර්ථික කලාපයක් (ඉන්දියාවට පමණක් වෙන්වූ* ඉල්ලීම දක්වා ඒ ක‍්‍රියාවලිය ගමන්කොට ඇත. ඊට අමතරව මැදවච්චිය හරහා ත‍්‍රිකුණාමලයේ සිට මන්නාරමට සහ එතැනින් ඔබ්බට ඉන්දියාව දක්වා රේල් පාරක් තැනීමටද යෝජනා වී ඇත. එම මාර්ගය  ගමන් කරන්නේ් ජන ශූන්‍ය ප‍්‍රදේශයක් හරහාය. එම මාර්ගය හරහා ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාව දක්වා ඇත්තේ කි.මි. 126 කි. එම දුම්රිය මාර්ගය ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රවාහණය සඳහා කොළඹ වරාය භාවිතා කිරිමට වඩා ලාභදායි වන බව ඉතා පැහැදිලිය. මේ වන විට කොළඹ වරාය හරහා ගමන්කරන භාණ්ඩ වලින් 70% යන්නේ ඉන්දියාවටය. එවැනි තත්ත්වයක්තුළ අනාගතයේදී චීනයේ බලපෑම සහිත හම්බන්තොට වරාය ප‍්‍රධාන ජාත්‍යන්තර වරාය බවට පත්වන විට ඉන්දියාව බර පතල අමාරවක වැටේ. 
ත‍්‍රිකුණාමලය ඔවුනට වැදගත් වන්නේ ඒ නිසාය. භූගෝලිය වශයෙන් එවැනි මැදිහත්වීම් සිදුකරන අතරතුර ඉන්දියාව උත්සාහකරන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකයම ඉන්දියානු ආධිපත්‍යයට යටත් කිරිම මගින් තමන්ගේ අනාගත සුරක්‍ෂිතතාවය තහවුරුකර ගැනීමටය. පසුගිය වසර 07 ක කාලයක් තිස්සේ සීපා ගිවිසුම අපගේ උගුරින් පහලට තල්ලූ කරන්නේ ඒ නිසාය. සීපා ගිවිසුම සේවා සහ ආයෝජනද ආවරණයවන පුළුල් සහ ප‍්‍රභල ගිවිසුමකි. නිදහස් වෙළඳ ගිවිසුමට වඩා සියදහස් ගුණයකින් බලපෑමක් (විශේෂයෙන්ම සේවා අංශවල  සිදුකිරිමේ භයානක විභවයක් සීපා ගිවිසුම සතුවේ. ඒ අනුව කොළඹ නගරයේ හෝ වෙනත් ප‍්‍රදේශයක ඉඩම් සඳහා චීනය සහ ඉන්දියාව අතර ගැටුමක් තිබේනම් ඒ අයිස්කන්දේ මුදුන පමණක් බව අප වටහාගත යුතුය. ඒ වටහා ගැනීම අප රටේ අනාගත ස්වයිරීභාවයට මෙන්ම ජාත්‍යාන්තර කුමන්ත‍්‍රණවලට මුහුණ දීමට අදාලවද තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත. එහෙත් ආර්ථික ඝාතක නිලධාරීන් කණ්ඩායමක් විසින් වටකොට සිටින අප රටේ දේශපාලන අධිකාරියට ඒ අවස්ථාව ලැබේදැයි අපට සැක සහිතව සහ දුක්මුසුව බලා සිටීමට සිදු වී ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week