-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය සිකුරාදා දිනයේ කීර්තිමත් වෘත්තිය සමිති නායකයකු වූ බාලා තම්පෝ දැයෙන් සමුගත්තේය. ඔහුගේ අවමංගල්‍ය දිනයේදී එම අවමංගල්‍ය උත්සවයට සමගාමීව වැඩසටහනක් විකාශය කිරීමට ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය කටයුතු කර තිබුණි.

නමුත් එම වැඩසටහනට නිෂ්පාදකයකු පත්කර සිටියේ නැත. එම වැඩසටහන පවත්වාගෙන ගියේ නිවේදිකාවකි. වැඩසටහන් නිෂ්පාදකයෙකු නොමැතිවීම ඇයට අභියෝගයක් විය. ඇය සිය කැමැත්තට දේශාභිමානී ගීත ප‍්‍රචාරය කිරීමට කටයුතු කර තිබුණි.

නමුත් ඇයට එය ඉටුකිරීමට නොහැකිවූයේ නිවේදන කටයුතු සහ ගීත තේරීම ආදිය තනිව කළ නොහැකි නිසාය. ඇය මේ බව අතිරේක සිංහල සේවා අධ්‍යක්ෂකට පැමිණිලි කළේය. ”සිංදු නැත්තං ළමා ගීත දාන්න” ඔහුගේ එකම පිළිතුර විය. 


අනතුරු වැඩසටහන අවසන්වී නිවේදිකාව අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ගියාය. ”ඇයි නිෂ්පාදකයෙක් දැම්මේ නැත්තේ, මේ වගේ වැඩසටහන් පහත් තත්වයට දාන්නේ ඇයි” නිවේදිකාව තරමක් තදින් විමසා ඇත. මෙය බහින්බස්වීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර අධ්‍යක්ෂවරයා නිවේදිකාව වේගයෙන් තල්ලූ කොට ඇතිඅතර ඉන් ඇය බිම ඇද වැටී තිබේ.

අවසානයේ මෙම සිදුවීම කුරුදුවත්ත පොලීිසියේ සටහන් කෙරුණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos