-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

'අනුග‍්‍රහය නිහතමානී ශ‍්‍රී ලාංකිකයන්ගෙන්'
ලැම්බොගිනි රථයේ දැන්වීමක්..

ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ ධාවන තරගයේ තෙවැනි අදියර සදහා සහභාගී වූ ඩිලන්ත මාලගමුව පසුගියදා එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය. 



ජපානයේ ෆූජිහිදී පැවති මෙම තරගයේදී කෙන් උරාටා නම්වූ ආධුනික මෝටර් රථ ධාවකයා සමගින් ඩිලන්ත මාලගමුව තරග වැදුණේ ඩිලන්ගෝ රේසිං කී‍්‍රඩා සමාජය වෙනුවෙනි.

මුහුදු රළේ නිල් පැහැයෙවන් යුත් තම ලැම්බෝගිනි රථය පැදවූ ඩිලන්ත එහි බදේ ප‍්‍රදර්ශනය කරනු ලබන විශාල ශ‍්‍රී ලංකා කොඩියත්, කුඩා ජපාන කොඩියටත් ඉහළින් ‘නිහතමානී ශ‍්‍රී ලාංකිකයන්ගේ අනුග‍්‍රහය’ යටතේ මේ සදහා සහභාගී වන්නේ යැයි සිංහල බසින් දක්වා තිබිණි. එම දැන්වීම මගින් ඔහු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ලෝලීන් හා ඔහුගේ හිතවතුන් අර්ථ ගන්වා තිබුණි. එහෙයින් එම දැන්වීම මගින් සියුම් උත්ප‍්‍රාසයක්ද මතුවී තිබුණේය. 


ඊට අමතවර හයිලන්ඞ් ලංකා සමාගම විසින් ඩිලන්ත මාලගමුවගේ මෝටර් රථ ධාවන තරග සදහා අනුග‍්‍රහයක් දක්වා තිබිණි.

මෙම තරගයේ පළමු වටයේදී දසවැනියා වශයෙන් හිදිමින් තරගය ආරම්භ කළ ඩිලන්ත මාලගමුව හය වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර ඉන්පසු සිව්වැනි ස්ථානය තෙක් තමන්ගේ වේගය වැඩිදියුණු කරගැනීමට සමත්වූයේය. 


තවදුරටත් සිය රථයේ වේගය වැඩි කරගැනීමට යාමේදී ඔහුගේ රථය තවත් රථයක් සමග ගැටීමෙන් රියේ රෝදයක අර්බුදයක් අර්බුදයක් මතුව තිබුණේය. ඉන් අනතුරුව තරගය බාරගත් මාලගමුවගේ සහය ධාවකයා වන කෙන් උරාටා විසින් සිය ධාවන තරගය පස්වැනි ස්ථානය ලෙස අවසන් කරනු ලැබිණි.

දෙවැනි තරගයේදී සය වැනිසා වශයෙන් තරගය ආරම්භ කළ ඩිලන්ත මාලගමුවගේ ඩිලන්ගෝ රේසිං කණ්ඩායම ෆූජිහි පැවති සමස්ත තරගාවලිය නිමකරනු ලැබුවේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි. 


එය අති විශිෂ්ට තරග නිම කිරීමක් ලෙසින් සැලකුණු අතර ලැම්බෝගිනි මෝටර් රථ තරගාවලියේ මොවුන් දැක්වූ දක්ෂතාව අතිශය කැපීපෙනෙන ජයග‍්‍රහණයක් වශයෙන් දැක්විය හැකිව ඇතැයි ජාත්‍යන්තර මෝටර් රථ තරග විචාරකයන්ගේ අදහස වී තිබේ.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේදීය. එය නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අතර එයට පෙර සැප්තැම්බර් මාසයේ 20-21 යන දිනයන්හිදී චීනයේ ෂූහායිහදී තවත් තරග වටයක් පැවැත්වීමට නියමිතය.

ඩිලන්ත මාලගමුව ශ‍්‍රී ලංකාවේ සහයෝගයකින් තොරව ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාවේ නොනිල තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරන අතර වසර පුරා ජාත්‍යන්තර මෝටර් රථ තරග සදහා සහභාගීවනුයේ ශ‍්‍රී ලංකා ධජය ප‍්‍රදර්ශනය කරමින් තම රට නියෝජනය කරමින් වීම විශේෂත්වයකි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos