-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. මෙම රාජ්‍ය නායකයින් දෙදෙනො උත්සව සභාවට සැපත්වුයේ අදාල ඉදිකිරීමේ දළ ආකෘතියක් නිරික්‍ෂණය කිරීමෙන් පසුවයි.

ශ‍්‍රී ලාංකික සම්ප‍්‍රදාය අනුව බුලත් හුරුල්ලක් ලබා දී ඔවුන් උත්සව සභාවට පිළිගැනුණා. ඉන් අනතුරුව සිදුවුයේ සමරු ඵලකයක් නිරාවණ කිරීම සහ පීත්ත  පටියක් කැපීමයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා මුහුදු ගොඩ කිරීම ආරම්භ කරමින් වැලි පොම්ප කිරීම ද මෙහිදී සිදුකෙරුණා. රාජ්‍ය නායකයින් දෙදෙනො උත්සව සභාවෙන් පිටව ගියේ එහි කටයුතු ද නිරික්‍ෂණය කිරීමෙන් පසුවයි.

මේ අතර මෙම ඉදිකිරීම ශ‍්‍රී ලංකාව ආසියාවේ නාවික කේන්ද්‍ර ස්ථානයක් කිරීමේ වැදගත් අවස්ථාවක් බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප‍්‍රියාද් බන්දු වික‍්‍රම මහතා පවසනවා.


ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කෙරුණු විශාලතම ආයෝජනය ද මෙය වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

" නාවික කේන්ද්‍රස්ථානයට අවශ්‍ය සේවා සැපයීම් කරන්න අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණ අතිවිශාල ප‍්‍රමාණයක් අවශ්‍යයි.. අද කොළඹ නගරයේ තියන තදබදය එක්ක අපිට ඒ පහසුකම නැහැ...


ඒ පහසුකම් එක්ක අනෙකුත් සියළු පහසුකම් සිදු කරලා දියුනු නගරයක් හදනවා සැලසුම් සහගත නගරයක්.. 

මේ නගරය තුල හොටල් සහ නිවාස ඊට අමතරව සංචාරක කර්මාන්තයට අවශ්‍යවන විවිධ දේවල් ඒ වගේම වරායේ මෙහෙයුම් වලට අවශ්‍ය වන කාර්්‍යාල සංකිර්ණ විශාල වශයෙන් ඉදිවෙනවා.. අතිවිශාල විදේශ ආයෝජන අරගෙන එන්නත් සැලසුම් කරලා තියනවා... ලංකාවේ මෙතෙක්කරපු විශාලම ආයෝජනය ලෙස සලකන්න පුළුවන්..  "

මෙම ආයෝජනයේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1337ක්.


මේ අතර ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටි චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා මීට නොබෝ වේලාවකට පෙර ශ‍්‍රී ලංකාවෙන් පිටව ගියා. නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ දහවල් 12ට අදාල ගුවන් යානය ගුවන් තොටුපලෙන් නික්ම ගිය බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos