-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ රියදුරාගේ රියැදුරු බලපත‍්‍රය මස 06 කට අත්හිටුවන ලෙස අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔහු රිය අනතුරක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මෙම නියෝගය ලබා දී තිබේ.
ඊට අමතර ව ඔහුට  රුපියල් 5000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 0 ක් ද නියම වූ අතර ඔහුට ලබන ජනවාරි මස 25 වැනි දා යළිත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ද නියම කළේ ය.
උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අයත් ජීප් රථය ත‍්‍රි රෝද රථයක ගැටීමෙන් වේයන්ගොඩ දී සිදු වූ අනතුරකින් ත‍්‍රි රෝද රථ රියැදුරා තුවාල ලැබූ අතර ඔහු වතුපිටිවල රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ රියැදුරු රුපියල් 5000 ක ශරීර ඇප 02 ක් මත අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මුදා හැර තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයාට රුපියල් 10,000 ක මුදලක් ගෙවන ලෙස ද ඔහුට නියම කර ඇත.
නියෝමාල් පෙරේරා මහතාට අයත් ජීප් රථය ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් අදාල අනතුර සිදු ව තිබුනේ ඇහැළියගොඩ මින්නාන ප‍්‍ර‍්‍රදේශයේ දී ය.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos