Google සමාගම විසින් නියමුවන් රහිත විශේෂ ගුවන් යානයක් නිර්මාණය කරනු ලැබ තිබේ.
එම සමාගම පවසන්නේ, එම යානයේ අත්හදා බැලීම් ද සාර්ථකව නිම කර ඇති බව ය.
එය නිර්මාණය කර ඇත්තේ, රියැදුරන් රහිත මෝටර් රථයක් ද නිපදවූ Google X ආයතනය යි.
Google සමාගමේ අරමුණ වන්නේ, ස්වාභාවික ආපදාවලදී ජනතාව බේරා ගැනීම සඳහා මෙම යානා භාවිත කිරීම ය.
භූ කම්පන, ජල ගැලීම් සහ අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ දුෂ්කර ස්ථාන කරා ආහාරපාන රැගෙන යාමට ද මෙම ගුවන් යානය යොදා ගත හැකි වනු ඇත.
Video: Click Here