-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම ‘ISIS අන්තවාදය’ බිහි කොට, පෝෂණය කළ ඇමෙරිකා එක්සත් ජනපදය භාර ගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද අදහස් දැක්වීය.
‘ස්ලැට්ෆෝම් නම් වෙබ් අඩවියෙන් සහ ෆේස් බුක් ජාලයන් හරහා ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප‍්‍රහාරයක් එල්ල කරන බවට ISIS අන්තවාදී සංවිධානය පසුගියදා ප‍්‍රකාශ කොට තිබුණා. මේ ප‍්‍රකාශය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා සාමය සහ සහජීවනය මෙන්ම ඓතිහාසික උරුමයන් අගය කරන බෞද්ධ ආගමිකයන්ගේ පමණක් නොව සියලූ ආගමිකයන්ගේ දැඩි පිළිකුළට හා විවේචනයට ලක් වුණා. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාත් මෙම ප‍්‍රකාශය හෙළා දකිමින් ප‍්‍රකාශයක් නිකුත් කර තිබුණා.
අවුරුදු 1200කට වඩා පැරණි මෙම විහාරය, ඒ නිසාම ලෝක උරුමයක් ලෙසද නම්කර තිබෙනවා. ක‍්‍රිස්තු වර්ෂ 9වන සියවසේදී ඉදිකර ඇති මෙම විහාරයේ බුද්ධ ප‍්‍රතිමා 504ක් තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 869ක් උසින් පිහිටි මෙම විහාරස්ථානය ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගත් ස්ථානයක්. මෙම විහාරස්ථානයට මීට ඉහතදීත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන්දියාවේ බුද්ධගයාවට වගේම ශ‍්‍රී දළදා මාලිගාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයන් එල්ල වූ අවස්ථාවන්වල මේ රටේ සාමය හා සහජීවනය අගය කරන ජනතාවට වේදනාවක් දැනුණා. ඒ වගේම කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුණු අවස්ථාවේදීත් අන්තවාදී නොවන සියලූ ජන කොටස්වලට එවැනිම වේදනාවක් දැනුණා. එනිසා ඓතිහාසික උරුමයක් වන මෙවැනි ආගමික සිද්ධස්ථානයක් විනාශ කිරීමට උත්සාහ ගැනීම අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.
අඩුපාඩු සහිතව වුවත් කැරලිකරුවන්ට හා අන්තවාදීන්ට හිස එසවීමට නොදෙමින් ඉරාකය පාලනය කිරීමට සදාම් හුසේන් ජනාධිපතිවරයා සමත් වුණා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑමට එය ආක‍්‍රමණය කළා. සදාම් හුසේන්ව එල්ලලා මැරුවා. ISIS කැරලිකරුවන්ට නවීන ආයුධ, රථ වාහන දීලා ඔවුන් පෝෂණය කරමින් තමයි සදාම් හුසේන් මරා දැම්මේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ISIS සංවිධානයට ආධාර දුන් ආකාරය මේ වන විට ලොවටම අනාවරණය වී අවසන්. ISIS සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තවාදී නිර්මාණයක් බව ඉතා පැහැදිලියි.
ලෝකවාසී ජනතාවගේ ගෞරවය, ආදරය දිනාගත්, මෙවැනි ඓතිහාසික සිද්ධස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීමේ අරමුණ කුමක්ද? මේ ප‍්‍රහාර එල්ල වන්නේ ලෝකවාසී ජනතාව සමගියෙන් ජීවත් වීමට එරෙහිවයි. විවිධ ජනකොටස් අතර පවතින බැඳියාව විනාශ කොට ඒ වෙනුවට අන්තවාදයට පාර කැපීම මෙවැනි ප‍්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙවැනි ප‍්‍රහාරයන්ගේ වගකීම, ISIS වැනි අන්තවාදී සංවිධාන බිහි කළ ඇමෙරිකා එක්සත් ජනපදය භාර ගත යුතුයි. ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරන්නේ ලොව පුරා සාමකාමී රටවල් තුළ විවිධ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරලා, ඒ ගැටුම් දඩමීමා කරගෙන එම රටවලට ඇතුළු වෙලා, ඒවායේ ආර්ථික සම්පත් කොල්ලකන්නටයි. ලිබියාවේ කළේ ඒක. අද වන විට ලිබියාව සීසීකඩ වෙලා, ඉතා ඛේදනීය ඉරණමකට මුහුණ දීලා තිබෙනවා.
අපේ රට තුළත් විවිධ ජනකොටස් සහ ආගම් අතර ගැටුම් අවුලූවාලීමේ සැලසුමක් ක‍්‍රියාත්මක වෙනවා. එය අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ වගේම එවැනි ගැටුම්වලට කිසිදු අනුබලයක් නොදිය යුතුයි. සුළු සිදුවීමක් වුවත්, එවැනි ගැටුමකට තුඩු දිය හැකි අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා නැගනහිර විශ්වවිද්‍යාලය තුළ සිදු වී තිබෙනවා. විශ්වවිද්‍යාල පරිපාලනය සමග සිංහල භාෂාවෙන් කතා කරන්න ගිය සිංහල ශිෂ්‍යාවකට සිංහල භාෂාවෙන් කතා කරන්න දීලා නැහැ. ඒ ශිෂ්‍යාවට ‘දෙමළ භාෂාවෙන් කතා කරන්න’ කියා පවසා තිබෙනවා. දෙමළ බස නොදන්න නිසා ඇය නැවත සිංහල බසින් කතා කරන්න සූදානම් වෙද්දී එය ඉංග‍්‍රීසියට පරිවර්තනය කරන්න පරිවර්තකයකු යොදා ගෙන තිබෙනවා. මෙවැනි සිදුවීම් විශ්ව විද්‍යාල පද්ධතියේ විවිධ තැන්වල සිදුවීමට පුළුවන්. නමුත් මෙවැනි සිදුවීම් අන්තවාදීව ක‍්‍රියා කරන ඇතැම් පිරිස්වලට සිය අන්තවාදී උවමනා වෙනුවෙන් යොදාගත හැකියි. නැගනහිර නියෝජනය කරන ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් රජරට විශ්වවිද්‍යාලයට නැගනහිරින් පැමිණි ශිෂ්‍යාවන්ට පර්දාව පළඳින ලෙස බල කරන බව දැන ගැනීමට ලැබී තිබෙනවා. මේවා වැරදි ක‍්‍රියා.
අපේ රටට ඉස්ලාම් ආගම ආවේ අරාබි සංස්කෘතියත් සමග නොවේ. ඒක පැහැදිලිව වටහා ගත යුතුයි. අපේ රටට ඉස්ලාම් ආගම පැමිණියේ ඉන්දියාව හරහා. ඉන්දියානු – ආසියානු සංස්කෘතියත් සමගයි මෙරටට ඉස්ලාම් ආගම ආවේ. අපේ අම්මලා, ආච්චිලා මුහුණ වහගෙන ‘අබාය’ ඇඳගෙන හිටියේ නැහැ. ඔවුන් ඔළුව වහගත්තේ සාරිපොටෙන්. ඒක අපේ සංස්කෘතියට ගැලපුණා. එදා සිංහල මිනිහයි, මුස්ලිම් මිනිහයි වෙන් කරන සාධකයක් බවට ඇඳුම පත් වුණේ නැහැ. ඒ නිසා මේ ‘මැදපෙරදිගකරණය’ කරන්න උත්සාහ කරන අන්තවාදීන් විසින් අමාරුවේ දමන්නේ සාධාරණව හිතන, සමගියෙන් ජීවත් වෙන්න  ඕනෙ කියලා හිතන මුස්ලිම් ජනතාවයි. ජාතිවාදී රැල්ලක් පෝෂණය වන විට අසරණ වෙන්නේ ඉහත කී ආකාරයට හිතන, පතන මුස්ලිම් ජනතාවයි.
අපට උරුම වූ ආසියාතික ලක්‍ෂණයත් සමග ඉස්ලාම් ආගම ශ‍්‍රී ලංකාවේ පැවතුණා මිසක් ‘මැදපෙරදිගකරණය වූ ඉස්ලාම් ආගමක්’ මෙහි පැවතුණේ නැහැ. අද බලහත්කාරයෙන් මැදපෙරදිගකරණයක් කිරීමට කුඩා කල්ලි කණ්ඩායම් උත්සාහ කරනවා. මේකට සමහර බුද්ධිහීන කොටස් හසු වෙනවා.
අනෙකුත් ජනකොටස් සමග එක්ව අපි මුස්ලිම් ජනතාව වශයෙන් අවුරුදු 1000කට අධික කාලයක් තිස්සේ රැක ගත්තු උරුමය ආරක්‍ෂා කර ගැනීම අපි කාගෙත් වගකීමක්. ඉරාකයේ වගේ ජාති, ආගම් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙන් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කරනවා. ඒ උවමනාවන් විවිධ පැතිවලින් එන්න පුළුවන්. ඒ සියලූ දේවල් පරාජයට පත් කිරීම සඳහා අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.
බෞද්ධාගමේ තිබෙන පන්සිල් පද 05 පිළිපදින එක අපට ප‍්‍රශ්නයක් නොවෙයි. ඉන් ජීවිතයට ලැබෙන්නේ හොඳ දෙයක්. මම ඉස්ලාම් භක්තිකයෙක් වුවත් පන්සිල් පදවල තිබෙන හරය ජීවිතයට එකතුකර ගන්න පැකිළෙන්නේ නැහැ. මැදපෙරදිග මුස්ලිම් ලක්‍ෂණවලට වැඩිය ආසියාතික මුස්ලිම් ලක්‍ෂණ සහිත සමාජයක් විදියටයි අපි ජීවත් වුණේ. එම තත්ත්වයන් ආරක්‍ෂා කර ගනිමින් අන්තවාදීව ක‍්‍රියා කරන පිරිස් පරාජයට පත් කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අත්වැල් බැඳ ගත යුතුයි.
එසේම අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ඉන්දුනීසියානු රජයෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ‘ඓතිහාසික වටිනාකමක් සහිත බොරෝබුදුර් විහාරය ආරක්‍ෂාකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යොදන ලෙස.’
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos