එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා රජයට එක් වීම සඳහා මේ වන විට සාකච්චා ආරම්භ කර ඇතැයි ඒ මහතාට සමීප ආරංචි මාර්ග කියයි.
සජිත් පේ‍්‍රමසදාස මහතාට නියෝජ්‍ය නායක ධුරය ලබා දීමට දැඩි විරෝධය පල කරමින් ලන්ඩනය බලා ගොස් සිටින ඒ මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා රජයේ විශේෂ නියෝජිතයෙක් ලන්ඩනයට පැමිණ සිටිතැයිද පෙර කී ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ‘ලංකා සී නිවුස්’ රජයේ ප‍්‍රධාන පෙලේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් කල විමසීම්වලදී විශේෂ යමක් නොදන්නා බව ඔවුහු සඳහන් කළහ.