ලිබියානු ගුවන් සමාගම් දෙකක් සතු ගුවන් යානා 11 ක් පසුගිය මාසයේදී අතුරුදන්ව තිබේ. ඒ ට්‍රිපෝලි නගරයේ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ Libyan Dawn නැමති සන්නද්ධ කණ්ඩායම අල්ලා ගැනීමෙන් අනතුරුවය.
මෙම ඉස්ලාමීය අන්තවාදීන් විසින් පැහැරගෙන තිබෙන ගුවන්යානා 2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීම සඳහා ඒ ආකාරයේම ප්‍රහාරයකට යොදාගැනීමේ අවදානමක් ඇතැයි ඇමරිකාව අනතුරු හඟවා තිබේ.