-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිස් ඒෆියා පැසිෆික් තරගාවලියේ ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්න රැගෙන පලා ගියේයැයි තරගාවලිය ජයග්‍රහණය කර ආසියා ශාන්තිකර රූ රැජිණ ලෙස කිරුළු පලන් මියන්මාර තරගකාරිනියට චෝදනා නැගී තිබේ.

තරගාවලිය මේ වන විට සිව්වරක් පවත්වා තිඛෙන අතර එය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේය. ජයග්‍රාහිකාවට පැළැදවෙන ඔටුන්නේ වටිනාකම ඩොලර් ලක්ෂයක් පමණ වන බව සදහන්ය.

මේ මයාට් නෝ නම් වන ඇය ප්ලාස්ටික් සැත්කමක් ආධාරයෙන් රුව ඔප්නංවාගෙන ඇතැයිද, තරගාවලියේ නීති රීති උල්ලංඝණය කර ඇතැයිද, අසංවර ලෙස හැසිරී ඇතැයිද යැයි තරගාවලියේ සංවිධායකයෝ චෝදනා කරන්නෝය.

මෙනිසා ඇයගෙන් රූ රැජිණ කිරුළ ඉවත් කිරීමට සැළසුම් කර තිබුණු බවත් කෙසේ හෝ මෙය කණවැකී ඇති ඇය කර ඇත්තේ තමන්ට පිරිනැමුනු ඔටුන්නද රැගෙන පලා යාම බවත් ඔවුහු කියන්නෝය.

මේ මයාට් නෝ මෙම චෝදනා වලට පිළිතුරු දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර ඔටුන්නද ඇය පසෙකින් විය.

ඇය පවසා සිටියේ තරග සංවිධායකයින් තමන්ගේ සැබෑ වයස වූ වයස අවුරුදු 16 සගවා වයස අවුරුදු 18 ක් යැයි ප්‍රකාශ කළ බවයි.

ප්ලාස්ටික් සැත්කමක් සම්බන්ධයෙන් නැගෙන චෝදනාවටද පිළිතුරු දුන් ඇය කීවේ කිසිදු ප්ලාස්ටික් සැත්කමක් තමන් සිදුකරගෙන නොමැති බවත් ප්ලාස්ටික් සැත්කමක් සිදුකිරීමට තමන් පොළඹවාලීමට තරගාවලියේ ප්‍රධාන සංවිධායක තැනම උත්සාහ කළ බවත්ය.

කෙසේ හෝ බලය ඇත්තේ ඔවුන් අතහෙයින් තමාව රූ රැජිණ කිරුලෙන් පහ කිරීමට ඔවුන් ගත් තීරණයට තමන් හිසනමන්නේ වුවද බොරු චෝදනා නගමින් තමන්ගේ නම කැත කිරීමට ඔවුන් උත්සාහ කිරීම නිසා මෙසේ කිරුළද රැගෙන පලා ගිය බව ඇය පැවසුවාය.

සංවිධායකයින් නිසි පරිදි තමන්ගෙන් සමාව ඉල්ලු දිනයක ඔටුන්න නැවත ඔවුන්ට භාරදෙන්නේ යැයි ඇය කීවාය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos