තැපැල් මාර්ගයෙන් භාර්යාවන් ගෙන්වා ගන්නා ක්‍රමවේදයක් වියට්නාමයේ තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙයට අදාළ පුවත්පත් දැන්වීමක සඳහන් වූයේ අමෙරිකානු ඩොලර් 6000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත් ලක්ෂ අසු දහසක් ගෙවා භාර්යාවක් ඇනවුම් කරගත හැකි බවයි.
මෙහි දී තරුණියගේ කන්‍යාභාවය පිළිබඳ වගකියනු ලබන අතර දින 90 ක් තුළ ඇනවුම් කරන තරුණිය ගෙදරටම ගෙනවිත් දෙනු ලබයි.
අමතර ගාස්තු කිසිවක් අය නොකරන බවත් අවුරුද්දක් ඇතුළත අදාළ කාන්තාව පැනගියොත් ඒ වෙනුවට තවත් තරුණියක් ලබාදෙන බවත් අදාළ දැන්වීමේ සඳහන් වේ.