ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ සේවා සැපයීමේ අරමුණින් සංස්ථාපනය කළ Laugfs Gas Maritime Services පුද්ගලික සමාගම ඇ.ඩො.මි. 6.9ක ගෑස් නෞකාවක් මිළ දී ගැනීමට සැරසෙයි.
BOI ව්‍යාපෘතියක් යටතේ සංස්ථාපනය කළ මෙම Laugfs Gas Maritime Services පුද්ගලික සමාගම, Laugfs Gas Plc සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන අතර ගෑස් නෞකාවන් ඇතුළු විවිධ නෞකාවන් මෙහෙයවීමේ අරමුණින් පිහිටුවා ගැනිණි.
මේ යටතේ මිළ දී ගන්නා ගෑස් නෞකාව “Gas Challenger” ලෙසින් නම් කොට ශ්‍රී ලංකාවේ ධජය යටතේ ලියාපදිංචි කරීමට නියමිතයි.