බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලීසියට කැඳවා තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් දෙන ලෙස උන් වහන්සේ දන්වා ඇත්තේ පසුගිය ජූනි මස 09 වනදා නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතාට ‘බල්ලා’ යැයි පැවසූ බවට අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති පැමිණිල්කට අනුවයි.
කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය සිදු කර තිබේ.