-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය වර්ෂවලදී සීගිරිය බැලීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණ ක්‍රියාවලිය සහ වෙනත් ක්‍රමවේද හරහා වාර්ෂිකව රුපියල් මිලියන 200ක පමණ ගසා කෑමක් සිදුවී ඇතැයි වාර්තා වේ. සීගිරියට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් දෙනු ලබන ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පෞද්ගලික ආයතනයකට පවරා තිබූ අතර එම ආයතනය ඒ සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය කර ඇති බවත් මේ වන විට නව අධ්‍යක්ෂවරයා විසින් ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයෙන් මුදා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින්ම සිදු කරන බැවින් එය මිලියනයක් වැනි මුදලකින් සිදු කර ගැනීමට හැකි වී ඇති බවත් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවැසීය.


ඒ අනුව මෙයට පෙර වර්ෂවල ප්‍රවේශ පත්‍ර මුද්‍රණයේදී රුපියල් මිලියන අනූ නවයක මුදල් වංචාවක් සිදුවී ඇති බවද හෙතෙම කීය. එමෙන්ම අදාළ පෞද්ගලික ආයතනය මඟින් වූ මධ්‍යම සංස්කෘතික අරමුදලට මුද්‍රණය කර දෙනු ලබන ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයට අමතරව ඔවුන් රහසිගතව ප්‍රවේශපත්‍ර වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර රහසිගත ක්‍රමවේදයක් අනුව සංචාරකයන් වෙත අලෙවි කර ඇති බවද වාර්තා වේ.


මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව සීගිරිය නැරැඹීමට එන සංචාරකයන් මඟින් රුපියල් මිලියන 1,500ත් 2,000ත් අතර මුදලක් ඉපැයුවද පෙර සඳහන් කරන ලද වංචා හේතුවෙන් රුපියල් මිලියන 200ක පමණ පාඩුවක් සංස්කෘතික අරමුදලට වාර්ෂිකව සිදුවී ඇති බවද ගුණවර්ධන මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos