-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ සමඟ දින 24ක් කැලයක ගතකර තිබෙන බව වාර්තාවේ.

ඔවුන් දෙදෙනා එලෙස කැලයක ගතකර තිබෙන්නේ හෙට සිට CSN නාලිකාව හරහා විකාශය කිරීමට නියමිත රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙනි.

සංග‍්‍රාම අඩිවිය හෙවත් Battle zone ලෙස නම් කර ඇති මේ සඳහා ඔවුන් දෙදෙනාට අමතරව තවත් 16 දෙනෙකු සහභාගී වී තිබේ

ඔවුන් අතර සේමිණි ඉද්දමල්ගොඩ, උමයංගනා වික‍්‍රමසිංහ, නිනෝ අරලිය, දර්ශන ධර්මරාජ්, නිරෝෂන් විජේසිංහ, මේනකා මධුවන්ති, ගයන්ත විජයරත්න, රිතූ ආකර්ෂා, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි, ක‍්‍රිෂානි අලංකි, ටෙඞී විද්‍යාලංකාර, ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ලක් රූ රැජින ඉරේෂා අසංකි ද වේ.


දකුණු ප‍්‍රදේශයේ වනාන්තරයක් තුළ මොවුන් 16 දෙනා දින 24ක් ගතකර තිබෙන අතර එක් දිනයකදී රූගත කළ දර්ශන සතියකට බැගින් සති 24 ක් එය පුරා විකාශය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන පිළිබඳව මෙනක රාජපක්ෂ පවසන්නේ මෙවැන්නක්.

"CSN කියන්නේ ක‍්‍රීඩා නාලිකාවක්. මේක ක‍්‍රීඩා හා සම්බන්ධ රියැලිටි වැඩසටහනක්. ඉතින් මෙය අනිත් ඒවාට වඩා හුඟා වෙනස්. අපි දැකලා තියෙන රියැලිටි වැඩසටහන්වල තරගකරුවන් ජනපි‍්‍රය වීම කෙටි පණිවුඩවලින් කෙරෙනවා. මේක සැබවින්ම දක්ෂතාව මත තීරණය වන දෙයක්. මේකකේ විනිශ්චයකරුවෝ අපි. අපිම තමයි දුර්වල තරඟරුවා ඉවත් කරන්නේ. කැලේ එකට ඉදලා එකට කාලා බීලා අපේම යාළුවෙක් ඉවත් කරන එක හරිම දුකයි.

අපි කොළඹ රූගත කිරීම් කරන කොට අව්ව වැටුණොත් කවුරු හරි කුඩයක් අල්ලනවා. නමුත් කැලේ එහෙම කරන්න කවුරුත් නෑ. දහඩිය දාගෙන හරිම කටුක කාලයක් ගතකළේ. අපි එකම ඇඳුම දෙපාරක් ඇන්ද අවස්ථාත් තිබුණා. ඒවා මිහිරි අත්දැකීම්. අන්තිම වෙන්න වෙන්න අපේ ටීම් එක අඩුවෙන කොට හරිම දුකයි. මොකද 16 දෙනෙක් ඇවිල්ලා අන්තිම වටේට එන කොට පස් හය දෙනා වුණා. එතකොට නම් දුකක් ඇති වුණා.

අන්තිම කාලේ කොමාන්ඩෝ භටයන් අපිට හුඟාක් දේවල් කියලා දුන්නා. සමහර අත්දැකීම් අපි වින්දේ ජීවිතේ පළමු වතාවට. සුළු සුළු තුවාලත් වුණා.
"
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos