-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සෞඛ්‍යාරක්ෂිත නොවීම හේතුවෙන් මොස්කව් නගරයේ පිහිටා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් 3ක් තාවකාලිකව වසා දැමීමට රුසියානු අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.
බොල්ෂායා බ්‍රොන්නායා වීදිය, ප්‍රොස්පෙක්ට් මීරා වීදිය සහ මානේෂ්නායා චතුරස‍්‍රය යන ස්ථානවල පිහිටි මැක්ඩොනල්ඞ්ස් අවන්හල් මෙසේ දින 90ක කාලයකට වසා දමන ලෙස නියෝග කර ඇත.
මින් පෙර එම අවන්හල් පරීක්ෂා කළ රොස්පොටෙ‍්‍රබ්නාඞ්සෝර් හෙවත් රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනය විසින් ඒවායෙහි කටයුතු අත්හිටුවා තිබිණි.
මේ සමග රුසියාව තුළ වසා දමා ඇති මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ප‍්‍රමාණය 6ක් බවට පත්ව තිබේ.
මොස්කව් නගරයේ අවන්හල් 4ක්, ස්ටැව්රොපෝල් සහ යෙකතරිනාබර්ග් නගරවල අවන්හල් 2ක් මේ අතර වේ.
මැක්ඩොනල්ඞ්ස් සමාගම පවසා ඇත්තේ මෙම අධිකරණ තීන්දුවට තමන් එකග නොවන බවයි.
ඒ අනුව පිළිගත් ක‍්‍රමවේද යටතේ එම තීන්දු පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කරන බවද සමාගම් වෙබ් අඩවියේ දක්වා තිබේ.
ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මැක්සිම් ටිටරෙන්කෝ පවසා ඇත්තේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයට අනුව සෞඛ්‍යාරක්ෂිත බව උල්ලංඝනයවූ අවස්ථා මේ වන විටත් නිවැරදි කරගෙන හෝ කරමින් ඇති බවයි.
එබැවින් අධිකරණ තීන්දුව උපරිම ක‍්‍රියාමාර්ගයක් බව ඔහුගේ අදහස වී තිබේ.
ඇමරිකාවට පරිබාහිරව මැක්ඩොනල්ඞ්ස්හි ප‍්‍රධාන වෙළඳපොළ 7න් එකක් වන රුසියාව තුළ ඇති අවන්හල් සංඛ්‍යාව 438කි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos