-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

'උඹට පවුල් කන්න දෙන්නේ නෑ තොපි ඔක්කොම මරලා දානවා' පවසා ජීප් රථයක යමින් සිටි ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සැකකාර නිළිය රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ඊයේ (20දා) නියෝග කළේය.
මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එසේ ඇපමත මුදා හැරුණේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි චන්දි රසිකා රණතුංග නමැති නිළියකි.


ලේක්හවුස් ආයතනයේ කළමනාකරුවකු වන චන්දන සමන් දිසානායක මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිළිය අත්අඩංගුවට ගෙන තිබිණි.

පැමිණිලිකාර දිසානායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලිසිය වෙත පවසා ඇත්තේ ඔහු ඉකුත් 19 දින සවස් කාලයේ සිය ජීප් රථයෙන් මහරගම නාවින්න ප්‍රදේශයට ගොස් සිටියදී මීට වසර 2 1/2ට පෙරදී හිතවතියක් වශයෙන් ඇසුරු කළ සැකකාර නිළිය සිය ජීප් රථයට බලෙන් ඇතුල්වී විවිධ තර්ජන කරමින් තමාට අමානුෂික ලෙස පහරදුන් බවය.


ඇයගෙන් බේරීමට අපහසු වූ නිසා සිය ජීප් රථය වැල්ලවත්ත ප්‍රදේශයට ධාවනය කළ බවත්, ඒ අවස්ථාවේ පිටුපස අසුනේ සිටි ඇය තමාගේ දකුණු අත සපාකමින් පහරදී ඇයගේ මාරි පොට බෙල්ලට දමා තමාගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ බවත්, ඔහු පවසා ඇත.
තවදුරටත් ඇයගෙන් බේරීමට නොහැකි නිසා තමා ඇයගේ ඔළුව සපා කා ජීප් රථය එම ස්ථානයේම තබා ඉන් බැස ගොස් පසුව මිරිහාන පොලිසියට පැමිණිලි කළ බවද ඔහු කියා සිටියි.


සැකකාර නිළිය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය පොලිස් කොස්තාපල්වරියකගේද අත සපාකා ඇති බවත් මේ සිද්ධිය පෙම් සබඳතාවක් මත ඇතිවූවක් බව සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos