මෙරට විශ්ව විද්‍යාල හයක් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව දකුණු ආසියාවේ පළමු විශ්ව විද්‍යාල සියය අතරට පැමිණ ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පැවැසීය.
කොළඹ විශ්ව විද්‍යාලය දකුණු ආසියාවේ 24 වන ස්ථානය ලබාගෙන තිබෙන අතර එය ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2146 වන ස්ථානය ලබා තිබේ. පිළිවෙළින් 31 වන ස්ථානය සහ 32 වැනි තැන ලබාගෙන තිබෙන ලෝක ශ්‍රේණිගත කිරීම් වල 2417 සහ 2897 හොබවමින් මොරටුව විශ්ව විද්‍යාල මෙරට දෙවන සහ තුන්වන ස්ථාන ලබාගෙන තිබේ.
පසුගිය වකවානුව තුළ ශ්‍රේණිගත කිරීම් වල තරමක් පහළින් සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතර සිවුවැනි ස්ථානයත් දකුණු ආසියාවේ 51 වැනි තැනට සහ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 3091 වැනි තැනට පත්වී තිබේ.
කැලණිය විශ්ව විද්‍යාලය සහ රුහුණ විශ්ව විද්‍යාලය පිළිවෙළින් 56 වන ස්ථානයට සහ 70 වැනි ස්ථානයට පැමිණ තිබේ.එම විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 3194 සහ 3483 වන තැන්වලට පැමිණ ඇති බැව් ද අමාත්‍යවරයා පැවසීය.