සිය ජනනේද්‍රිය කපාගත් බව කියන තරුණයෙකු කළුතර නාගොඩ රෝහලේදී සැත්කමකට භාජනය කර තිබෙනවා. වාර්තාකරු පැවසුවේ මතුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණයා මාන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන්නෙකු බවයි.
මෙම තරුණයා විසින් කිසියම් ඖෂධ අලෙවි හලකින් ලබාගත් හිරිවැට්ටවීමේ ඖෂධයක් භාවිත කර රහස් පෙදෙස හිරිවට්ටවාගෙන එයින් අනතුරුව ජනනේන්ද්‍රීය කපා ඉවත් කර ඇති බව පැවසෙනවා
බරපතල තුවාල ලබා සිටි මෙම තරුණයා දුටු ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල් ගත කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තරුණයා විසින් කපා විසි කරන ලද ජනනේන්ද්‍රීය සොයාගෙන මේ වන විට එය බද්ධ කිරීම සඳහා හදිසි ශල්‍ය කර්මයක්ද සිදු කරමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.