දෙහිවල සත්තුවත්තේ සිටි සුදු නයා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කාර්යමණ්ඩලයේ පස්දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රශ්න කර ඇත.
සුදු නයා රඳවා තිබූ ලී පෙට්ටියේ යතුර යතුරු කැරලි දෙකකින් නිවැරදිව සොයාගෙන පෙට්ටිය විවෘත කර නයා රැගෙන යලි එය පෙර තිබූ ආකාරයට යතුරු දමා ගොස් ඇත. පිටස්තර පුද්ගලයෙකුට නයා රඳවා තිබුණු කුටියට ඇතුළුවීමට නොහැකි බව සත්තුවත්තේ ආරංචිමාර්ග සඳහන් කරයි.
සතියකට පෙර විදේශ ජාතිකයෙක් රුපියල් ලක්ෂ දෙකකට සුදුනයෙකු සෙවූ බවට සත්තුවත්ත සේවකයෙකු විසින් පවසා ඇතිබවට වාර්තාවෙයි.
සත්තුවත්තේ බලධාරීන්ගේ හිතවතුන් පැමිණිවිට නැරඹීමට අවසර නොමැති සතුන් සිටින ස්ථානවලට පවා යාමට අවසර ලබාදෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.