නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ බිරියක් විසින් එප්පාවල පොලීසිය අත් අඩංගුවට ගත් තේක්ක දැව තොගයක් පොලීසියට ගෙන යද්දී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට බැණ වැදී එම දැව තොගය මුදා ගෙන තිබේ.
පොලීසිය විසින් මෙම තේක්ක දැව තොගය අවසර පත්‍රයක් නොමැතිව ට්රැක්ටරයකින් ගෙන යමින් තිබියදී එහි සිටි දෙදෙනෙකු ද සමඟ අත් අඩංගුවට ගෙන ඇති අතර ට්‍රැක්ටර් රියදුරා නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවස අසළ දී එක්වරම ට්රැක්ටරය නවත්වා නිවස දෙසට දිව ගොස් ඇත.
නියෝජ්‍ය ඇමතිවරයා ඒ අවස්ථාවේ දී නිවසේ නොසිටි බව පැවසෙන අතර නියෝජ්‍ය ඇමතිවරයාගේ බිරිඳ එහි පැමිණ පොලිස් නිළධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැණ වැදී දැව තොගය ගෙන එනු ලැබුවේ තමාගේ අවශ්‍යතාවයකට යැයි පවසා තිබේ.
එහි සිටි පුද්ගලයකු පොලිස් නිළධාරින් අත තිබූ සටහන් පොත උදුරාගෙන එය ඉරා දමා ඇති අතර ට්රැක්ටරය නියෝජ්‍ය ඇමතිවරයාගේ වත්තට ඇතුළු කර පොලිස් නිළධාරින් දෙදෙනාට එම ස්ථානයෙන් වහාම පිට වී යන ලෙස බලපෑම් කර ඇතැයි ද පැවසේ.