මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනා අතරින් එක් සැකකරුවකු හමුදාවෙන් ඉවත් කළ ශ්‍රී ලාංකිකයකු බව හෙළිවී තිබේ.
ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියකු සඳහන් කළේ මෙම හමුදා සාමාජිකයා 2005 වසරේදී එල්.ටී.ටී.ඊ.ය කඳවුරු බැඳසිටි ප්‍රදේශවලට ගොස් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමඟ සබඳතා පවත්වා ආපසු එද්දී ඕමන්තෙයි හමුදා මාර්ග බාධකයේදී හසුවූ පුද්ගලයකු බවයි.
මෙම හිටපු හමුදා සාමාජිකයා හමුදාවෙන් ඉවත් කළ පසු මැලේසියාවට පැනගොස් ව්‍යාජ මුස්ලිම් නමක් ගෙන ව්‍යාජ හැඳුනුම්පතකින් පෙනී සිට ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම හිටපු හමුදා සාමාජිකයා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මුදල් ලබාගත් බවට ආරක්ෂක අංශවලට තොරතුරු අනාවරණය වී ඇති අතර එම සැකකරු භාවිත කළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයේ අංකය සහ ඔහුට අයත්ව තිබූ නිවැරැදි විදේශ ගමන් බලපත්‍රයේ අංකය සහ ඊට අදාළ තොරතුරු ත්‍රස්ත විමර්ශන අංශය විසින් හෙළිකරගෙන තිබේ.
දැනට විදේශ වාර්තාවලින් හෙළිකර ඇති තොරතුරු පිළිබඳ ත්‍රස්ත විමර්ශන අංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.