-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහව නගරයේ ප්‍රධාන පෙළේ ලියාපදිංචි අවන්හලක මත්පැන් ගනිමින් සිටි පුද්ගලයකු ඔහුට අයත් යතුරුපැදියද සමඟ බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් විසින් රැගෙන ගොස් බීමත්ව රිය පැදවීම යටතේ නඩු පවරා ඇත.


පෙරේදා (26දා) රාත්‍රි 9.15ට පමණ දළදාගම බලල්ල ප්‍රදේශයේ අවහන්හලකදි සිදුවූ මේ සිද්ධිය එම අවන්හලේ ඛ්ඛ්ඊඍ කැමරා පද්ධතියෙහිද පටිගතවී ඇත.
අවන්හලේ කළමනාකරු එවේලෙහිම පොලිස් නිලධාරීන්ට එවැනි නොමනා රාජකාරියක් සිදු නොකරන ලෙසට පවසා ඇතත් ඔවුන් එයට ඇහුන්කම් නොදී අදාළ පුද්ගලයා බෙල්ලෙන් අල්ලා තල්ලු කරමින් පහර දිදී රැගෙන ගිය බව කළමනාකාරවරයා අප සමඟ පැවැසීය.


මධ්‍යම රාත්‍රියේ අප පොලිස් ස්ථානයට ගොස් විමසීමේදී එහි සිටි සැරයන්වරයකු සිර කූඩුවේ සිටි එම පුද්ගලයා පෙන්වා බීමත්ව රිය පැදවීමේ වරදට රැගෙනවිත් කූඩු කර ඇතැයි පැවැසීය. කූඩුවේ සිටි පුද්ගලයා ඉහත සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා බවට අපට හඳුනා ගැනීමට හැකිවිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week