-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත්ම ගීතයේ විෂුවල් එක කොහොමද?
විෂුවල් එකක් කළා. ඒගොල්ලො මාවත් ෂූට් කළා. ගල්කිස්ස බීච් එකේ තමයි ෂූට් එක කළේ. මගේ කෑලි ටික කළාට පස්සේ මම ආවා. තාම විෂුවල් එක දැක්කෙ නෑ. රිලීස් වුණෙත් නෑනෙ තාම.


අද කාලේ නම් විෂුවල් එකක් කරන්න වෙනවා. ඒ කාලේ මොනවද කළේ?
ඒ කාලේ හඬ තමයි ගියේ.


හඬ හැරුණම මොන වගේ උපක්‍රමද පාවිච්චි කළේ?
උපක්‍රම කියලා හිතලා කරලා නෑ. අපි කරපු දේවල් මිනිසුන්ගේ හදවතටම දැනුණා. 'ලියතඹරා' ගුවන් විදුලියේ නිතර නිතර වාදනය වුණා. එතකොට හඩ්සන් සමරසිංහ තමයි ගුවන් විදුලියේ ලොක්කා. මම ලියතඹරා කැසට් එකට කළ සින්දු හයටම ඒ ගොල්ලො හරියට ඇලුම් කළා. හඩ්සන් කියලා තිබුණා මරු සින්දු ටිකක් තියෙනවා ගෙනත් දාන්න කියලා. ඉතින් ගුවන් විදුලියෙන් තමයි අපි හැදුණේ. ඒ හැටි මාධ්‍යය තිබුණෙත් නෑනේ.
කීබෝඩ් එක ගගහා ආත්මා ලියතඹරා කියනවා රූපවාහිනියේ පළමුවරට දර්ශනය වුණ හැටි මතකද?
1989නේ සින්දුව කළේ. 90 තමයි රූපවාහිනියේ ගියේ. ඒකෙන් මුළු රටම දැනගත්තා.


ඒක අද විෂුවල් එකක් කරනවා වගේ වැඩක් නේද?
ඔව්. ඒකෙන් මාව සෑහෙන්න ජනප්‍රිය වුණා. එතකොට මගේ සින්දු වැදුණා. ඒ සින්දු හරි ජනප්‍රියයි. හැබැයි මනුස්සයා කවුද දන්නෙ නෑ. මම සංගීත ප්‍රසංගවලට වැඩිපුර සහභාගි වෙන්න ගියෙත් නෑනේ. ඉතින් ආත්මා කියන්නේ කවුද කියන එක ගැන මිනිසුන්ට ලොකු කුතුහලයක් තිබුණා. හැමතැනම ඇහෙනවා කවුද මේ ආත්මා කියන්නේ. ටී.වී. එකේ ගිය ගමන් ඉතින් මාව වැදුණා.
ඒකෙන් ආත්මා උන්මාදයක් වුණා...?


උන්මාදයක් වුණාද දන්නෙ නෑ. හැබැයි මුළු ලෝකෙම ඉන්න සිංහල රසික රසිකාවියෝ මට ආදරේ කරන්න ගත්තා. මුළු ලෝකෙම මට ඇලුම් කරන අය ඉන්නවා. මම අසනීප වෙලා ඉද්දි තමයි මම දැනගත්තෙ ඒ රටවල්වල ඉඳන් බෙහෙත් පවා ලංකාවට එව්වා. අදටත් විටමින් වර්ග එවනවා.
තනියෙන් කී බෝඩ් ගගහා තනියෙන් සින්දු කියන වන්මෑන් ෂෝ පටන් ගන්න හිතුවේ ඇයි?
93 ඇක්සිඩන්ඩ් වෙද්දිත් මම කරනවා නේ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඒක බේ්‍රක් වුණා. එහෙම කරන්න හේතුව ඒක මට හරි පහසුයි. ඇත්තම කියන්න ඕන මම කැමැතිම භාණ්ඩය තමයි ඕගන් එක. ඕගන් එක මගේ අතේ තියෙනවා. ඒක මම ප්ලේ කර කර ගයන එක මට ලේසියි. එතකොට මට හැමදේම ෂුවර්. ලියතඹරා ඇතුළු මම හදපු මුල්ම සින්දු හයම මම කිව්වෙ එහෙම. මගේ රසික රසිකාවියෝ ගොඩක්ම කැමැති මගේ ඒ ස්ටයිල් එකට. මයි කාර් මයි පෙට්රල් වගේනෙ.
ලියතඹරා හැදුණේ කොහොමද?


මම ඉස්කෝලෙ යන කාලේ ඉඳන් පොඩි පොඩි සංගීත කණ්ඩායම්වල ප්ලේ කළා. ච්ධබ චදඤ ච්චඵඩ කියලා අපි සංගීත කණ්ඩායමක් හදාගත්තා. කවුරු හරි කෙනෙක් සින්දුවක් ඉල්ලුවොත් අපි ඒක කියනවාම තමයි. බැහැයි කියන්නේ නෑ. ප්‍රැක්ටිස් නෑ වගේ ඒවා මුකුත් කියන්නෙ නෑ. කවුරු හරි සින්ග් කරද්දි සින්දුව දන්නෙ නැත්නම් බොරු හරි ගහන්න අපි හරි දක්‍ෂයි. හැබැයි ගායනා කරන කෙනාට කිසිම හානියක් වෙන්න දෙන්නෙ නෑ. එහෙම ඉද්දි මට හිතෙනවා මගේම සින්දුවක් හදා ගන්න ඕනෙ කියලා. එහෙම හිතලා තමයි, ලියතඹරා සින්දුවයි, සිහින ලොවේ සින්දුවයි රෝහණ ජයසිංහට කියල ලියවා ගත්තෙ. ලියතඹරා සින්දුව ගොඩක් ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම විදේශිකයෝ අතරේ.

ඊට පස්සේ කාලයක් නිහඬව ඉඳලා අලුතෙන් කරපු නිර්මාණ ඒ මුල් ගීත තරමටම ජනප්‍රිය වුණාද?
ආයෙමත් ආදරෙන් කියන ගීතය මිනිස්සු අතරට ගියා. රචිතා, වාකිෂ්ට ගී පදරචනය කරලා තිළිණ රුහුණගේ තමයි තනු නිර්මාණය කළේ. ඒකෙ වෙනම ස්ටයිල් එකක් තියෙන්නෙ. ලියතඹරාවලට හාත්පසින්ම වෙනස් එකක්. ඇත්තටම මේ ගීත දෙක ගැන හිතද්දි මට දැනෙන්නේ දියඹේ ඉන්නවයි ගොඩබිමේ ඉන්නවයි වගේ වෙනස් හැඟීම් දෙකක්.


හඬ ආත්මය කරගත්තු ආත්මා විෂුවල් ගැන විශ්වාසය තියන්න පටන් ගත්තේ හඬ ගැන විශ්වාසයක් නැති වෙලාද?
ඒක මම වියදම් කරලා කරන එකක් නොවෙයිනේ. ඉවෝක් කියන කම්පැනියෙන් ඇවිත් මට කතා කළා. සමහර විට එතැනදී මටත් යහපතක් වෙනවා. එයාලටත් යහපතක් වෙනවා. එතැනදී එයා මං වෙනුවෙන් සල්ලි වියදම් කරනවා නම් මම එයාගේ යහපත ගැනත් හිතන්න ඕන. මගේ සල්ලි වියදම් කරලා නම් මම කවදාවත් විෂුවල් එකක් කරන්නෙ නෑ.
ඒ ඇයි?
වීඩියෝ එකක් කරන්න නම් සාමාන්‍ය මුදලක් යනවනේ. කාවහරි ගෑනු ළමයෙක් ගෙනැල්ලා පොල්ගහක, කරපිංචා ගහක, අරලිය ගහක නග්ගලා විෂුවල් කරලා තේරුමක් නෑනේ.


ගයන්න නොහැකි ඒත් සින්දු කියන්න ඕන අය ගායකයෝ කරන මාධ්‍යයක් විදියට විෂුවල් ගැන කතා කළොත් ආත්මා වගේ ගායකයෙක් රූපරචන කලාවට ගැළපෙන්නේ නෑ නේද?
ඒක දැන් ඇවිල්ලා තියෙන විදිය. සින්දුවක් ජනප්‍රිය කරවන්න නම් යම් මාධ්‍යයක් තියෙන්න ඕන. මාධ්‍යත් තියෙනවා නම්, බඩුත් තියෙනවා නම් විෂුවල් කළාට කමක් නෑ. ඊට පස්සේ මිනිස්සු අතර හිට් වෙනවා නම් වෙයි නැත්නම් නොවෙයි. මට විතරක් නෙවෙයි මගේ පරම්පරාවේ නාමල්ට, රූකාන්තටත් ජනප්‍රිය වෙන්න විෂුවල් තිබුණේ නෑ. අපි ඉස්සරහට ආවේ වෙනස් දෙයක් කරපු නිසා. ඒ වෙනස් දෙයක් කරපු ගොන්නට මමත් එකතු වුණා.
ලියතඹරා කරපු කාලේ විෂුවල් තිබ්බ නම් කොහොමද?
තිබ්බා නම් මමත් කරයි.


ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?
ඉස්සරහට සී.ඩී. එකක් කරනවා. සින්දු 16ක් තියෙනවා. දැනට හොඳ සින්දු 16ක් නිර්මාණය කරලා තියෙන්නෙ. මගේ රසික රසිකාවියන්ට කියනවා එකපාර මගේ සින්දු ටිකක් අහන්න පුළුවන් වෙයි. ඒ සින්දුවලටත් සමහර විෂුවල් වදියි.
සුභාෂිණී ගුණරත්න

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week