-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වු ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට ඊයේ රුපියල් කෝටි 1198ක දඩයක් නියම කර තිබේ. 

එසේම ඔහුට එරෙහි චෝදනා 34ට අදාළව පැනවූ අවුරුදු 102ක සිරදඬුවමක් අවුරුදු 3කින් ගෙවීයන ලෙසට මෙම තීන්දුව ලබාදී ඇත. 

මේ අතර මෙම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාර ගුණසිරි ද සොයිසා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන මස හය වැනිදා මෙකී නඩුව යළි විභාගයට ගැනීමට ද තීන්දු වී තිබේ. 

කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුණි වික්‍රමසිංහ මහත්මිය විසින් අද මෙම තීන්දුව ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. 

පසුගිය 26දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකරු වරද පිළිගැනීමෙන් පසුව ඔහු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අද (08) දිනට කල්තැබීය. 

විත්තිකරුගේ පෞද්ගලික දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එදින විනිසුරුවරිය දැනුම්දී තිබුණි. 

අගය මත එකතු කරනු ලැබු මහජනයාගෙන් අයකරගත් රුපියල් කෝටි 399ක් ව්‍යාපාරිකයින් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව වංචා කර ඇති බවට අධිකරණය හමුවේ පැමිණිලි කර තිබිණ. 

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 14ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරාද තිබුණි. 

ආරම්භයේ සිටම මෙම නඩුවෙහි විත්තිකරුවන් 8 දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැරි අතර ඒ අනූව වසර කිහිපයක් තිස්සේ මෙම නඩුව විභාග වූයේ නඩු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිවය. 

මීට පෙර ඉන් පස්දෙනෙක් වරද පිළිගත් අතර කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරිය ඔවුන්ට සිරදඬුවම් හා දඩ මුදල් නියම කළාය. 

දඩ මුදල් නොගෙවන අයගේ පෞද්ගලික දේපළ රජය සතු කිරීමට ද විනිසුරුවරිය විසින් නියම කරන ලදී. 

වැට් බදු වශයෙන් රජයට ලැබීමට තිබූ රුපියල් කෝටි 399 කට අධික මුදල් වංචා කිරීමට අදාළ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට එරෙහි සාක්ෂි මෙහෙයවීම පසුගිය වසරේ මැයි 16දා ඇරඹිණ. 

ඒ ඔහු මෙම සිද්ධිය පිළිබඳ වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. 

මෙම මහ පරිමාණ වැට් බදු වංචාව 2002-2004 අතර කාලයේදී සිදුව ඇති බව අනාවරණය විය. 

කෙසේ වුවද මේ ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ 2006 වසරේදීය. 

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර විදේශගතව සිටින සෙසු සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන්ද සහය ඉල්ලා තිබුණි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos