-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නතා පෙත්සමක් හේතුවෙන් තම බීම වර්ග වලට යෙදු රසායනිකයක් භාවිතයෙන් ඉවත් කිරීමට කොකා කෝලා සහ පෙප්සි සමාගම් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

පළතුරු රසැති බීම වර්ග වල රසකාරක හොඳින් පැතිරයාම සඳහා බ්‍රෝමිනීකරණය කළ එළවළු තෙල් හෙවත් BVO රසායනිකය භාවිතා කෙරේ.

එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව ලොව විශාලතම බීම නිෂ්පාදකයින් විසින් තහවුරු කර තිබුණද මිසිසිපි ප‍්‍රදේශයේ 17 වියැති සාරා කැවනාගා පවසා ඇත්තේ BVO යනු යුරෝපා සංගමය හා ජපානය තුළ තහනම් කර ඇති රසායනිකයක් බවයි.

එය ගිනි නිවීමට භාවිතා කරන්නක් බවද ඇය පවසා ඇත.

Read more: Coca Cola says no BVO in Lankan products

කැවනාගා කැමතිම ක‍්‍රීඩා පානය වන ගැටොරේඞ් වෙතින් අදාළ රසායනිකය ඉවත් කරන ලෙස ඇය Change.org වෙබ් අඩවිය තුළ පෙත්සමක් ආරම්භ කර ඇති අතර දින කිහිපයකින් ඒ සඳහා අත්සන් ලක්ෂ 2ක් හිමිවී තිබේ.
ඉන්පසු එය පෙප්සි සමාගමේ සමාන නිපැයුමක් වන පවරේඞ් වෙතින්ද ඉවත් කරන ලෙස ඉල්ලා තවත් මහජන පෙත්සමක් ආරම්භ කිරීමට සාරා කැවනාගා පියවර ගෙන ඇත.

මෙවැනි ගැටළුවලට මහජන අවධානය හිමිවීම ඉහළ ගොස් ඇති අතර මේ සමග පෙප්සි සහ කොකාකෝලා සමාගම් විසින් එය සුක්රෝස් ඇසිටේට් අයිසොබියුටිරේට් නම් රසායනිකයක් මගින් ආදේශ කිරීමට තීරණය කර ඇති බව කියවේ.

මේ අතර අනාවරණය වී ඇත්තේ වසර 50ක් තිස්සේ BVO රසායනිකය තාවකාලික භාවිතය සඳහා පමණක් අවසර ලද්දක් ලෙස පැවතී ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos