රුසියාව විසින් ගුවන්ගත කළ ප්‍රෝටෝන්-එම් රොකට්ටුවක් කඩා වැටී ඇතැයි වාර්තා වේ. කසකස්ථානයේ බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්වූ එය ගුවන්ගත වීමෙන් විනාඩි 9කට පසු කඩා වැටී තිබේ.
රුසියානු රොස්කොමොස් අභ්‍යවකාශ ආයතනයේ ප‍්‍රධානි ඔලෙග් ඔස්තපෙන්කෝ පවසා ඇත්තේ රොකට්ටුවේ තෙවන අදියරේ එන්ජින් දෝෂයක් නිසා මෙම අනතුර සිදුවෙන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
ඒ වන විට පොළව මතුපිට සිට කිලෝමීටර 150ක් දුරින් තිබූ රොකට්ටුවේ සුන්බුන් වායුගෝලයේදී දැවී විනාශවූ බව පැවසේ.
මෙම රොකට්ටුව මගින් රුසියාව විසින් මෙතෙක් නිපදවූ දියුණුතම සහ බලගතුම සන්නිවේදන චන්ද්‍රිකාව වන එක්ස්ප‍්‍රස්-AM4R කක්ෂගත කිරීම සඳහා ගෙනයමින් තිබිණි.
මෙමගින් රුසියාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලට සහන මිලට අන්තර්ජාල පහසුකම් ලබාදීම ඉලක්ක කර තිබූ බව වාර්තා වේ.
මින් පෙර පසුගිය වසරේදී මෙයට සහමුලින්ම සමාන එක්ස්ප‍්‍රස්- AM4 චන්ද්‍රිකාවද මේ අයුරින් කඩා වැටීම විශේෂත්වයකි.
රුසියානු සන්නිවේදන ආයතනයේ ප‍්‍රධානි ඔලෙග් දුකොව්නිට්ස්කි පවසා ඇත්තේ චන්ද්‍රිකාව ක‍්‍රියාකිරීමට සූදානමින් සිටි නමුදු රොකට්ටුවේ දෝෂය මත සියල්ල විනාශවූ බවයි.
මේ වන විට ප්‍රෝටෝන් රොකට්ටු භාවිතය තාවකාලිකව අත්හිටුවා ඇති අතර සිදුවීම පිළිබඳ කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායමක්ද පත්කර තිබේ.
2013 වසරේ ලොව අභ්‍යවකාශ ගමන් 82කින් 32ක්ම රුසියාව විසින් ක‍්‍රියාත්මක කළ අතර ඉන් විනාශවී ඇත්තේ එකක් පමණකි.






