-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කාන්තා පොලිස් නිලධාරිනියකට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ආනමඩුව - නවගත්තේගම මාර්ගයේ මැරුංගොඩ ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් දෙදෙනා විසින් පොලිස් නිලධාරිනියට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර ඇත. 

පොලිස් නිලධාරිනිය සිය රාජකාරිය අවසන් කොට තවත් පොලිස් සැරයන්වරයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එම මාර්ගයේම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් ඇයට තර්ජනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන් ආනමඩුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ආනමඩුව පොලිසිය පැවසීය. 

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන අයෙකු බවට සහ අනෙක් සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවේ සේවය කරන අයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. 

සැකකරුවන් අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos