-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොලීසියේ හෝ හමුදාවේ ආරක්ෂාව නොමැතිව දුම්රිය ධාවනය කළ නොහැකි බව දුම්රිය රියදුරන් පවසයි. 

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ භාණ්ඩාගාරික චන්දන ලාල් මහතා සඳහන් කළේ දුම්රිය රියදුරන්ට සිදුවන පහරදීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

මහව සිට කොළඹ බලා ධාවනය කෙරුණු දුම්රිය රියදුරෙකුට අද උදෑසන මගීන් පිරිසක් විසින් පහරදී තිබේ. 

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දි පහරදීම සිදුව ඇති බවයි. 

දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීම හේතුවෙන් ප්‍රකෝප වු මගීන් පිරිසක් පහරදීම සිදුකර ඇති අතර පහරදීමක් සිදුනොවු බවට එම දුම්රිය රියදුරාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව ද වාර්තා විය. 

අවස්ථා දෙකක දී සිදුවු දුම්රිය අනතුරු හේතුවෙන් රියදුරන් කිහිපදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගැනීමෙන් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබුණි. 

ඒ අනුව නියමිත වේග සීමා අනුගමනය කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ අතර මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ. 

කෙසේ වුව ද දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා ප්‍රකාශ කළේ දුම්රිය රියදුරන්ගේ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳ මගීන්ට අවබෝධයක් ඇති බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos