-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහනුවර පූජනීය දළදා නගරයේ රාත්‍රි කාර් රේස් සැණකෙළිය නැවැත වරක් පැවැත්වීමට එම සංවිධායකයන් මේ වන විට ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙන් සැලසුම් කරමින් සිටිනවා. මේ වන විටද ඒ සම්බන්ධයෙන් ගිහි පැවිදි පාර්ශ්ව දැඩි විරෝධය එල්ල කරමින් තිබෙනවා. මේ විරෝධය නොතකා රාත්‍රි කාර් රේස් සැණකෙළිය පැවැත්වීමට කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් මහ සංඝරත්නය සමඟ එක්ව දිවි පුදා හෝ එය නතර කරන බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා පැවැසීය.

මහනුවර බාමියන් හෝටල් ශාලාවේ පැවිති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඉහත අදහස් පළ කොට සිටියේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා, මහනුවර දළදා නගරයේ රාත්‍රි මෝටර් කාර් රේස් සැණකෙළි පැවැත්වීම සඳහා මේ වන විටද හොර රහසේ සාකච්ඡා දෙකක් පවත්වා එළැඹෙන පොසොන් මාසයේ රාත්‍රි කාර් රේස් පැවැත්වීමට තීරණයකට එළඹ තිබෙන බව අපට දැන ගැනීමට ලැබී තිබෙනවා. මේ සාකච්ඡා සඳහා දේශපාලන හා රාජ්‍ය පරිපාලන බලධාරීන්ද සහභාගි වූ බවට තොරතුරු අපට ලැබුණා. පූජනීය දළදා නගරයේ ශ්‍රී දළදා පෙරහර කරඬුව වඩම්මවන වීදි කේන්ද්‍ර කොට මෙම රාත්‍රි මෝටර් කාර් රේස් පැවැත්වීමට මෙහිදී තීරණය කොට තිබෙනවා. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ දළදා සමිඳුන් වැඩ සිටින මේ පූජනීය නගරයේ රාත්‍රි කාර් රේස් තරග පැවැත්වීමට අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ යනුවෙන්ද සඳහන් කළේය.

2012 වසරේ මහා සංඝ රත්නය හා ජනතාව නොමඟ යවමින් මහනුවර පූජනීය නගරයේ මේ අය රාත්‍රි කාර් රේස් සැණකෙළිය පැවැත්වූවා. එදා රෑ මහනුවර නගරයේ හන්දියක් හන්දියක් ගාණේ බියර්, මත්පැන් අලෙවිහල් විවෘත කොට මහ විනාශයක් කළා. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පවා මේ බියර් අලෙවි කළා. දුරාචාර කටයුතු නගරය පුරා සිදුවුණා. බීමත් පුද්ගලයෝ නගරයේ තැන තැන වැටී සිටියා. දළදා පෙරහර කරඬුව වැඩම කරවන මාර්ග වීදි ඔස්සේ මෝටර් රථ ධාවනය කරමින් මේ පූජනීය ලෝක උරුම නගරයේ අභිමානයට, පූජනීයත්වයට ප්‍රෞඪත්වයට විශාල හානියක් සිදු කළා. ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් පූජනීය නගරයට මහ විනාශයක් කළා යැයිද නිමල් ප්‍රේමවංශ මහතා කීය.

2013 වසරේ වෙසක් මාසයේදී මේ අය මහනුවර පූජනීය නගරය කේන්ද්‍ර කොට රාත්‍රි කාර් රේස් සැණකෙළිය පවත්වන්නට සූදානම් වුවත් මහ නායක හිමිපාණන් දේපොළ මෙන්ම ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන් එල්ල වූ මහ විරෝධය හමුවේ එය කර ගැනීමට නොහැකි වුවද දැන් නැවතත් ඒ දෙයම කිරීමට සූදානම්ව ඉන්නවා. මේ මහනුවර දේශපාලනඥයන් කියනවා රාත්‍රි හයෙන් පසුව මහනුවර නගරය අඳුරේ. සංචාරක ආකර්ෂණය උදෙසා රාත්‍රි කාර් රේස් අවශ්‍යයිලු. මෙහෙම කියන මහනුවර ප්‍රධාන දේශපාලනඥයන් ලැජ්ජා විය යුතුයි. හයෙන් පසු නගරය අඳුරේ නම් ඒකට වග කියන්න ඕනේ මේ පාලකයන්ම විනා වෙන කවුරුත් නෙවෙයි. මහනුවර පූජනීය නගරයේ රාත්‍රි කාර් රේස් අවශ්‍ය වන්නේ එක්තරා සීමිත කණ්ඩායමකට පමණයි. රජයට සම්බන්ධ මේ අය කරන වැඩෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දැඩි ගිහි, පැවිදි අප්‍රසාදයට ලක් වෙනවා.
මේ පූජනීය නගරයේ රාත්‍රි කාර් රේස් පවත්වා හන්දි ගාණේ මත්පැන් අලෙවි කොට දුරාචාරයට ‍ෙදාර ඇරලා දුන්නම ජනතා විරෝධය එල්ල වෙන්නේ ජනාධිපතිතුමාටයි යනුවෙන්ද ඒ මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos