-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්තයේ බකිංහැම් මාලිගාවට තේ කොළ සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන පහයි දශම දෙකක (5.2) මුදලක් ලබාගෙන සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටුව අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය පිළිබඳ කරුණු දැක්වීමට රහස් පොලිසියට ලබන 7 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කෙළේය.

ඇන්තනි ෆ්‍රැන්සිස් මනිලාල් නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මේ වරෙන්තුව නිකුත් කර තිබිණි.

හොංකොංහි පදිංචි ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයකු වන සොමිනු අග්‍රාල් නමැති අයකුට බකිංහැම් මාලිගාවට තේ කොළ සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දෙන බව පවසා මේ මුදල වංචා කළ බවට රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කොටුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මේ වරෙන්තුව නිකුත් කර තිබිණි.

මේ සැකකරු සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥවරු රහස් පොලිසිය අධිකරණයට දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බවත් මේ පිළිබඳ විමර්ශන නිලධාරියාගෙන් කරුණු විමසීම කළ යුතු බවත් දන්වා සිටින ලදී.
ඒ අනුව විමර්ශන නිලධාරියාට ලබන 7 දින අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos