-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කැසිනෝ ඇතුළු සූදු ක්‍රීඩාවලට පහසුකම් සපයන තරු පහේ හෝටල් දෙකක් කොළඹ නගරයේ ඉදිකොට විදේශිකයනට විනෝදාස්වාදය ලැබීමට කොළඹ නගරය දකුණු ආසියාවේ සුදූ පොළක් බවට පත්කිරීමට මුලින්ම යෝජනා කෙළේ 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුව බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා හෙළිදරව් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා වසර හයකින් රට සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කළ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩසටහනේ 208 වැනි පිටුවේ ඉහත යෝජනාව ඉතා පැහැදිලිව සඳහන් වන බවත් කොළඹ නගරයේ තරු පහේ හෝටල් දෙකක් ඉදිකර ඒවාට සූදු ක්‍රීඩා පවත්වාගෙන යෑමට බලපත්‍ර ලබා දෙන බව රනිල්ගේ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩසටහනේ සඳහන් වන බවත් මෙය ධෛර්යවත් කිරීම සඳහා විදේශ ආයෝජකයනට කෙටිකාලීන විශාල බදු සහන ලබාදෙන බව පොරොන්දු වී තිබෙන බවත් චම්පික රණවක මහතා පැවැසීය. මෙයට අමතරව කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැඟිලි විදේශිකයනට ආකර්ෂණය වන පරිදි අයෝජනය සඳහා ලබා දෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ වැඩසටහනෙන් යෝජනා කර තිබෙන බවද චම්පික ඇමැතිවරයා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් යටතේ කොළඹ නගරය කැසිනෝ පුරයක් බවට පත් කිරීමේ යෝජනාවක් තමන්ද සාමාජිකත්වය දරන වර්තමාන ආණ්ඩුව දැන හෝ නොදැන හෝ ක්‍රියාත්මක කිරීමට යෑම ගැන බලවත් සේ කනගාටුව පළ කරන රණවක මහතා එජාප ආණ්ඩුවක් යටතේ සැලැසුම් කළ එම ව්‍යාපාර දෙක ක්‍රියාත්මක නොකරන ලෙසට ආණ්ඩුව දැන්වත් ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos