-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපතිවරයා අතිශය පිළිකුල් සහගත කටයුත්තක නිරතවෙමින්, මැති ඇමතිවරුන්ගේ පවා දුරකථනවලට රහසින් සවන් දෙන බව ජාතික සමගි සන්ධානයේ නායක අසාද් සාලි පවසයි. ඔහු මේ බව හෙළි කෙළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සාලි මහතා ''මෙය මට දැන ගැනීමට ලැබුනේ මා අත්අඩංගුවට පත් වූ දිනයේදීයි. ජනාධිපතිවරයා අතිශය පිලිකුල් සහගත කටයුත්තක නිරත වෙමින් මැති ඇමතිවරුන් සිය බිරිඳට ලබාදෙන දුරකථන ඇමතුම් වලට පවා සවන් දෙනවා.
ජනාධිපතිවරයාගේ අනුදැනුම යටතේ ඇති කණඩායමක් විසින් මෙසේ දුරකථන ඇමැතුම් වලට සවන් දෙනවා. මාධ්‍යවේදීන් මැති ඇමතිවරුන් ඇතුළු 800 ක පමණ පිරිසකගේ දුරකථන ඇමතුම් වලට ජනාධිපතිවරයාගේ අනුදැනුමින් යුත් මෙම කණ්ඩායම සවන් දෙමින් සිටිනවා.
මේ පිළිබඳ මාධ්‍යවේදීන් ඇතුළු සියළු දෙනාගේ අවධානය යොමුවිය යුතුයි. දුරකථන සංවාදවලට සවන් දෙන ඒකකය වහාම වසා දැමිය යුතුයි. දුරකථනවලට රහසින් සවන්දුන් ඇමරිකානු ජනාධිපතිවරයකුට සිය ධූරය අත්හැර යාමට පවා සිදු වූ බව ද අප මෙහිදී මතක් කර දිය යුතුයි. ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙල පිළිබඳ විපක්ෂය පාර්ලිමේන්තුවේදී කඩිනමින් විවාදයට ගත යුතු'' යැයි අසාද් සාලි මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ සාලි ''අතීතයේදි අපට ඇසීමට ලැබුනේ පොලිසිය විසින් සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන යාමේ සිදුවීම් පමණක් වුවත් මේ වන විට එය සන්නද්ධ කණ්ඩායම් විසින් පොලිස් නිලධාරීන් සුදුවෑන් වලින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම දක්වා භයානක තත්ත්වයට වර්ධනය වී ඇතැ''යිද පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos