-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්ව විද්‍යාල සිසුන් පිළිබඳ සොයා බැලීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ් නියෝජිතයින් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

එම සංගමයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. 

" අද අපි විශේෂයෙන් රැස්වෙලා ආචාර්යවරු කණ්ඩායමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වෙනුවෙන් අත්අඩංගුවට පත්වෙලා තියෙන ශිෂ්‍ය කණ්ඩායම් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් කර ඇති බව අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔවුන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින පිරිසක් විදිහට අපි ඔවුන් බලන්න ගියා. "

පොලිසිය විසින් සම සෞඛ්‍ය පීඨයේ සිසුන් 17දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 16 වැනි දිනයි.

ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට සහභාගි වී සිටියදියි. පොලිසිය පැවසුවේ අධිකරණ නියෝග කඩ කිරීම සහ පොලිස් රාජකාරීයට බාධා කිරීම යන චෝදනා මත එම සිසුන් අත්අඩංගුවට ගැනුණු බවයි.

එලෙස අත්අඩංගුවට ගැනුණු සිසුන් අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week