-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එක්‌ අතකට කිසියම් මගකින් කිසිවෙක්‌ නොදන්නා පුද්ගලයෙකුට වුවද ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. එහෙත් ඒ ජනප්‍රියත්වයේ පදනම මත සමාජය මිසින් ඔහුට නිසි තැන ලබා දෙනු ලැබේ. මතුවට ලියෑවෙන "දිනේෂ් මාරුගේ" කතාව ආරම්භයේදීම කිවයුත්තේ එවැන්නකි. දිනේෂ් මාරු ඉන්දීය ජාතිකයෙකි. අන්ද්‍රා ප්‍රදේශයට අයත් හයිද්‍රාබාද් නගරයේ මිලියන තුනකට වඩා වැඩි ජනතාව අතර ජීවත්ව සිටි ඔහු ගැන මීට මාසයකට පෙර දන්නේ ඔහුගේ ඥති හිතවතුන් සහ පවුලේ උදවිය පමණි. ඉන් එහා දිනේෂ් මාරු යනු කිසිවෙකුගේ අවධානයකට යොමු නොවන සාමාන්‍ය ඉන්දීය පුරවැසියෙක්‌ පමණි. එහෙත් දැන් දිනේෂ් මාරු යනු මුළු ඉන්දියාවේම පමණක්‌ නොව ඒ ලඟම ඇති රට වන ලංකාවේද පුවත් මවන ජනප්‍රිය චරිතයකි.

ලංකාවෙන් කිලෝමීටර් දහස්‌ ගණනක්‌ ඈත ජීවත් වූ දිනෙෂ් මාරු මේ දෙරටම ජනප්‍රිය චරිතයක්‌ වූයේ ඔහුගේ හදිස්‌සි මරණයත් සමග ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන මිනිස්‌ වකුගඩු ජාවාරමක තොරතුරු හෙළිවූ බැවිනි. ඇත්තෙන්ම දිනේෂ්ගෙ මරණය නොවන්නට තවදුරටත් එය රහසේ සිදුවන ජාත්‍යන්තර මිනිස්‌ අවයව ජාවාරමකි. එහෙත් දැන් ඒ සියල්ල එකින් එක හෙළිවෙමින් තිබේ. ඒ දිනෙෂ්ගෙ සොහොයුරු දිලීප් මාරු තම සෙහොයුරාගේ මරණය පිළිබඳ සැක සිතී හයිද්‍රාබාද් පොලිසියට කළ පැමිණිල්ල හේතුවෙනි.

මගේ සහෝදරයා ගෙදරින් ගියේ රැකියාවක්‌ සොයාගෙන. ඔහු අපිට කිව්වෙ විශාකාපට්‌නම් වලට රැකියාවක්‌ සොයාගෙන යනව කියල. හදිසිසියේම ඔහු මියගොස්‌ ඇති බව ලංකාවෙන් අපිට දුරකථන ඇමතුමක්‌ ආවා. ඒත් ඇත්තටම ඔහු මියගියේ වකුගඩු ජාවාරමකට අහුවෙලා.

දිනේෂ් මාරුගෙ මරණය සම්බන්ධයෙන් හයිද්‍රාබාද් පොලිසිය හමුවේ එසේ පැමිණිලි කළේ දිනේෂ්ගෙ සොහොයුරු දිලීප් මාරුය.

දිනේෂ්ගෙ පවුලේ සාමාජිකයන් දිනේෂ්ව අවසන් වරට දැක ඇත්තේ පසුගිය මාර්තු 22 වනදාය. ඇත්තෙන්ම හයිද්‍රාබාද්වල කිෂාන්බග් නැමති පැරණි ගමේ ජීවත් වූ මේ තරුණයාට අවශ්‍යව තිබී ඇත්තේ ඉක්‌මනින් යහමින් මුදල් හම්බ කිරීමටය. ඔහු ඒ සඳහා පසුගිය කාලය මුළුල්ලේ වෙහෙසුනේය. තමා අවට සිටින මිතුරන්ගෙ සහය පැතුවේය. ඔහු සිතූ ලෙසම ඒ මිතුරෝ මුදල් හම්බකිරීමේ ඉක්‌මන් කෙටි මඟක්‌ ඔහුට සොයා දුන්නේය. එහෙත් ඒ කෙටි මඟ තමාගෙ ජීවන ගමනද කෙටි කරන බව දිනේෂ් දැන සිටියේ නැත. ඒ නිසා දිනේෂ් තම පවුලේ උදවියටද සත්‍ය වසන් කර රැකියාවක්‌ සඳහා විශාකාපට්‌නම් වලට යන බව පවසා නිවසින් පිටත් විය. එසේ ගිය දිනේෂ් මාරු යලි මතුවන්නේ ඉන් කිලෝමීටර් දහස්‌ ගණනක්‌ සමුදුරින් එතෙර වෙනත් රටක අගනගරයකිනි. 

කිෂන්බග් ගමෙන් විශාකාපට්‌නම් වලට පිටත් වූ මේ දුප්පත් තරුණයා කොළඹින් මතුවූයේ කෙසේද? ඔහුට ඒ සඳහා පාලම් තැනුවෝ කව්රුන්ද? ඔහු නිවැසියන්ට සත්‍ය නොපැවසුවේ මන්ද? කොළඹදී සිදුව ඇති දිනේෂ්ගෙ මරණය පිළිබඳ සැළ වූ වහාම ඔහුගේ සහෝදරයාගේ සිතේ හොල්මන් කළේ එයාකාර සතුවිලිය. ඇත්තෙන්ම නොරටකදී දිනේෂ්ගෙ මරණය සිදුව ඇති බව දැනගත් වහාම ඒ පවුලේ සියලු දෙනා තිගැස්‌සුනෝය. දිලීප් තම සහෝදරයාගේ අහුමුලුවල සැඟවුණු තොරතුරු හාරාඅවුස්‌සන්නට වූයේ ඒ නිසාය. ඔහු දිනේෂ්ගේ යහළුවන්ට කතා කළේය. දිනේෂ් ලඟින් ඇසුරු කළ මිතුරෝ හමුවුණේය. එයින් ලද තොරතුරු වලින් තව තවත් ඔහුගේ කුහුල වැඩි වුණා මිස අඩුවුණේ නැත. ඔහු දිනේෂ් මාරුගේ වද්‍යුත් ලිපිගොනුව විවෘත කළේය. එය සුපරික්‍ෂාකාරීව බලාගෙන යන විට කිසිදිනෙක ඔහු නොසිතූ තොරතුරු රැසක්‌ එයින් සොයාගැනීමට දිලීප් සමත්විය.

අවුරුදු 20 ක්‌ වගේ තරුණ වයසකදී මගේ සහෝදරයා හෘදයාබාධයකින් මිය ගියා කියන එක පිළිගන්නවාද කියල මගේ හිත වදදුන්නා. ඒ නිසා මම ඔහුගේ පෞද්ගලික විද්යුත් ලිපි ගොනු බලාගෙන ගියා. එතනදී මට හමුවුනා යම් පුද්ගලයන් කිහිප දෙනෙක්‌ ඔහුගේ වකුගඩුවක්‌ විකිණීම සඳහා හුවමාරු කරගත්ත විද්යුත් ලිපි කිහිපයක්‌.

දිලීප් මාරු පොලීසිය හමුවේ එසේ කීවේය. එසේa ඔහු පොලිසියට තොරතුරු හෙළිකළේ එන්. වී. කිඩ්නිa නමින් වද්‍යුත් ලිපියක්‌ එවා තිබූ සැකකරුවෙකු ගැනය. විද්යුත් ලිපියේ සඳහන් පරිදි ඔහු මීට පෙර වකුගඩුවක්‌ විකිණු මේ ජාවාරමේ කොටස්‌කරුවෙක්‌ය. ඔහු කිසිදු අවහිරයකින් තොරව තමන්ගෙ වකුගඩුව විකුණු බව සනාථ කිරීමට ඔහුගේ ගමන්බලපත්‍ර ගුවන්ටිකට්‌පත්වල ඡායාපිටපත් මාරු වෙත එවා තිබිණ. පොලිසිය පරික්‍ෂණ මෙහෙයවූයේ ඒ හෝඩුවාව අනුවය.

දිනේෂ් සමග සම්බන්ධතා පැවැත්වූ මේ ජාවාරම්කරුවන් දිනේෂ්ගේ වකුගඩුවකට රුපියල් ලක්‍ෂ 15 ක්‌ දෙන්න පොරොන්දුවෙලාතිබෙනවා. දිනේෂ් ඊට එකඟ වෙලා. ඒ වෙනුවෙන් ලංකාවට යන්න වීසා, ගුවන් ටිකට්‌පත් ආහාරපාන සහ නවාතැන් පහසුකම් ලබාදෙන බවටත් මේ ජාවාරම්කරුවන් පොරොන්දු වෙලා. නමුත් අපිට කියන්න බෑ දිනේෂ්ගේ මරණයට හේතුව වකුගඩුවක්‌ ඉවත්කරන අතර සිදුවූ සැත්කමකදී සිදුවූවක්‌ද කියල.

ඉන්දීය මාධ්‍යයට එසේ අදහස්‌ දක්‌වා තිබුණේ ඉන්දීය මාධ්‍යම අපරාධ ඒකකයේ උසස්‌ පොලිස්‌ නිලධාරියෙකු වන පාල රාජුය. එහෙත් මේ වන විට දිනේෂ්ගෙ මරණයට සැබෑ හේතුව වකුගඩු ඉවත් කිරීමක්‌ හෝ මේ ජාවාරම නිසා සිදුවූවක්‌ නොවන බවට සොයාගෙන ඇත. ඔහු කොළඹ මුහුදු වෙරළේ තවත් මිත්‍රයෙකු සමඟ ඇති පදමට බීර බී දුම්වැටි පානය කරමින් සිටියදී හුස්‌ම ගැනීමේ අපහසුතාවකින් රෝගාතුර විය. දිනේෂ් මාරු මිය ගියේ ඒ හේතුවෙන් රෝහල්ගත කරන අතරතුරය.

නමුත් ඉන්දියාවේ විශාකපට්‌නම් නරගයට රැකියාවක්‌ සොයාගෙන ගිය මේ තරුණයා කොළඹට එවූ වකුගඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසියට මේ නිසා හැකිවිය. එහි ප්‍රධාන සැකකරු 25 හැවිරිදි තරුණයෙකු වන ඩී. එස්‌. පවන් සිරිනිවාස්‌ය. වෛද්‍ය සිසුවෙක්‌ වන ඔහු වනස්‌තල්පුරම් රෙඩ්ඩිනගර්හි පදිංචිකරුවෙකි. ඔහුද මීට මාස කිහිපයකට ඉහතදී ලංකාවට පැමිණ කොළඹදී හමුවූ වෛද්‍යවරයෙකු මගින් තමන්ගෙ වකුගඩුවක්‌ මුදලට විකුණුවේය පසුව ඉන්දියාවට ගිය ඔහු ඒ අත්දැකීම් සිය මිතුරන්ට කීවේය. අනතුරුව ලංකාවේදී හමුවූ වෛද්‍යවරයා සමග එක්‌ව වකුගඩු මුදලට ලබාදීම සඳහා කැමැති මිනිසුන් ලංකාවට එවීමේ ඒජන්තයෙකු ලෙස වැඩ කිරීමට පටන්ගත්තේය. ලංකාවේ සිටින මේ ගැණුම්කාර වෛද්‍යවරයා වෛද්‍ය මොනික්‌ බව හෙළිව ඇත. ඔහු පමණක්‌ නොව සමාජය හමුවේ මුණිවරුන් සේ පෙනී සිටින ප්‍රකට වෛද්‍යවරයෙක්‌ද මේ ජාවාරම පිටුපස සිටින බව දැන් හෙළිවෙමින් ඇත. ඔවුන් කව්රුන්ද යන්න තොරතුරු පසුගිය දිනවල අන්තර්ජාල පුවත් වෙබ් අඩවි ඔස්‌සේ දිගහැරුණේය. මේ වෛද්‍යවරු සමග වකුගඩු ජාවාරම කළ සිරිනිවාස්‌ ඒ සඳහා උපායශීලී මගක්‌ භාවිතා කළේය. වකුගඩු ලබාදීමට කැමති මිනිසුන් ඔහු සොයාගන්නේ ෆේස්‌බුක්‌ වැනි සමාජ වෙබ් අඩවි මගිනි. ඔහු පළමුව ඒ මිනිසුන් සමඟ මිතුරු විය. අනතුරුව තමන් කිසිදු අපහසුවකින් තොරව වකුගඩුවක්‌ විකුණා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට ඔවුන් තුළ විශ්වාසයක්‌ ඇති කරන්නේය. වකුගඩුවක්‌ විකිනීම සඳහා වන යෝජනාව ගෙනඑන්නේ ඒ විශ්වාසය පිළිබඳ සිරිනිවාස්‌ සෑහීමකට පත්වූ විටය. 

මෙලෙස සිරිනිවාස්‌ගෙ අඩිපාරේ ගොස්‌ ඔහුට මේ ජාවාරමට මිනිසුන් ලබාදෙන තවත් ඒජන්තවරුන් දෙදෙනෙක්‌ වන්නේ විජයවාඩිහි පදිංචි සුර්යා නාරන්ය. අනෙක්‌ සැකකරු තිස්‌අට හැවිරිදි නුතී වෙන්කටේෂ්මන්ය. මේ දෙදෙනාගේද සහය ඇතිව පසුගිය සය මසක්‌ තිස්‌සෙ අන්ද්‍රා පළාතෙන් මිනිසුන් 21 දෙනෙක්‌ වකුගඩු විකිණීම සඳහා ලංකාවට පැටවීමට සිරිනිවාස්‌ට හැකිවිය. ඒ එක්‌ මිනිසෙකු ලබාදීම වෙනුවෙන් සිරිනිවාස්‌ ලංකාවේ වෛද්‍යවරයාගෙන් රුපියල් ලක්‍ෂ 30 ත් 50 ත් අතර මුදලක්‌ ලබාගත්තේය. ඒ මුදලින් රුපියල් ලක්‌ෂ 5 ත් 15 ත් අතර මුදලක්‌ වකුගඩු ලබාදෙන පුද්ගලයාට ලබා දෙන්නේය. තමන්ගෙ වකුගඩුව විකිණීමෙන් තුන්ලක්‍ෂ අනූදහසක්‌ උපයාගත් බටහිර ගෝදාවරිවල කිර්න් කුමාර් සිරිනිවාස්‌ගෙ මේ වකුගඩු ජාවාරමේ අවසන් ගොදුරය. හේතුව දිනේෂ්ගේ මරණය කොළඹ මුහුදු වෙරළේදී සිදුවනවිට කිරන් තම වකුගඩුව විකණීමේ සැත්කමට ලක්‌වෙමින් සිටියේය. දිනෙෂ්මාරු සමග එකට ලංකාවට පැමිණි ඔහු මේ තොරතුරු ඉන්දීය පොලිසිය හමුවේ පාපොච්චාරණය කළේය.

කොහොමත් ඉන්දියාව ලෝකයේ වකුගඩු ලබාගැනීමේ ප්‍රකට වෙළෙඳ පොළක්‌ ලෙස ප්‍රකට කරුණක්‌ය. එහි ප්‍රධාන ගැණුම්කරු බටහිර රටවල්ය. නීතියට පිටින් මේ ගනුදෙනු රහසේ සිදුවන්නේ අන්තර්ජාලය ඔස්‌සේය. ලංකාවේ නීතිය අනුව කිසිදු ඉන්ද්‍රියක්‌ මුදලට විකිණිය නොහැකිය. එහෙත් පුණ්‍ය කර්මයක්‌ ලෙස ඕනෑම පුරවැසියෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් වකුගඩුවක්‌ පරිත්‍යාග කළ හැකිය.

තිස්‌ස ගුණතිලක

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos