-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සොරු අත්අඩංගුවට ගත් පොලිස්‌ නිළධාරීන් සහ මැණික්‌ තොගය

ප්‍රසන්න අමරසේන මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. තමන්ගේම ව්‍යාපාර කිහිපයක්‌ පවත්වාගෙන ගිය ප්‍රසන්න මුදලාලි එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක්‌ද විය. ප්‍රසන්න මුදලාලිගේ පියා වන අමරසේන මුදලාලිද එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඔවුත් කලක සිට මැණික්‌ මිලදීගෙන නැවත විකිණීමේ ව්‍යාපාරයක්‌ද කරගෙන ගියේය.

දැනට වසරකට පමණ ඉහත මිලදීගත් මැණික්‌ ගල් නමයක්‌ විකිණීමට ප්‍රසන්න මුදලාලිට වුවමනා විය. එම මැණික්‌ ගල්වල වටිනාකම විසිහත්කෝටි පනස්‌ ලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ හත්සිය පනහකි.

තමා දන්නා හඳුනන තැරැව්කරුවන් කිහිප දෙනකුටද ප්‍රසන්න මුදලාලි මේ බව පැවසීය. ඊට අමතරව අන්තර්ජාලයේද මෙම මැණික්‌ ගල් විකිණීම පිළිබඳව තොරතුරු දමා තිබිණි. කාලයක්‌ ගතවුවත් ප්‍රසන්න මුදලාලිට මැණික්‌ ගල විකුණා ගැනීම සඳහා හරි ගනුදෙනුකරුවකු හමු නොවීය. කිහිප දෙනකු මැණික්‌ගල් පරීක්‍ෂා කළත් ගණන් හිලව් මත මැණික්‌ ගනුදෙනුව සිදු නොවීය.

විමලරත්න නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකි. විවිධ බ්‍රොaකර් වැඩකර මුදල් ඉපයීම ඔහුගේ රැකියාව විය. රටපුරා සිටින විවිධ ව්‍යාපාරිකයන් රැසක්‌ ඔහු දැන හැඳින සිටියේය. ප්‍රසන්න මුදලාලිද ඉන් එක්‌ අයෙකි. 

දිනක්‌ ප්‍රසන්න මුදලාලි තමා ළඟ තිබෙන මැණික්‌ ගල් විකිණීමේ පුවත නුගේගොඩ විමලරත්නටද කියා තිබිණි. අවස්‌ථා ගණනකදී විමලරත්නද ගැණුම්කරුවන් කිහිපදෙනකු ප්‍රසන්න මුදලාලි වෙත කැඳවාගෙන ආවේය. නමුත් මැණික්‌ ගල් ගනුදෙනුව සිදු නොවීය.

දැනට මාස ගණනකට පෙර විමලරත්නට තම යහලුවකු මාර්ගයෙන් කහවත්ත ප්‍රදේශයේ තැරැව්කරුවකු හඳුනා ගැනීමට ලැබිණි. ඔහු නමින් අනුරංගය. දෙදෙනාම එකම වෘර්තියේ නියෑළෙන නිසා ඔවුන් අතර යම්තාක්‌ දුරට මිතුදමක්‌ද ගොඩනැඟී තිබිණි.

දිනක්‌ විමලරත්න අනුරංගට ප්‍රසන්න මුදලාලිගේ මැණික්‌ ගල් විකිණීමේ පුවත පිළිබඳ සියලු විස්‌තර පැවසීය. විමලරත්න පැවසුවේ ඉක්‌මණින් ගැණුම්කරුවකු සොයා ගතහොත් ඔහුටද හොඳ මුදලක්‌ කපාගත හැකි බවයි. අනුරංග දින කිහිපයකට පසු විමලරත්නට පැවසුවේ තමා අඳුරන අරාබි ජාතික ව්‍යාපාරිකයකු සිටින බවත් ඔහු මෙම මැණික්‌ තොගය මිලදී ගැනීමට කැමති බවත්ය. එම වචන ටික ඇසීමෙන් විමලරත්නගේ සිතට සියුම් සතුටක්‌ද දැනුණි.

විමලරත්න ප්‍රසන්න මුදලාලිට කතා කර මැණික්‌ මිලදී ගැනීමට ගැනුම්කරුවකු හමුවූ බවත් ඔහු අරාබි ජාතිකයකු බවත් පැවසීය. 

ඉන්පසුව ඔවුන් කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී මුණගැසී මැණික්‌ ගල් ගනුදෙණුව පිළිබඳ සාකච්ඡා කළේය. එම අවස්‌ථාවේදී අරාබි ජාතික ව්‍යාපාරිකයා එක වචනයක්‌වත් කතා කළේ නැත. සියලුම දේවල් පැවසුවේ අනුරංග විසින්ය. මැණික්‌ ගනුදෙනුවට අරාබි ජාතික ව්‍යාපාරිකයා කැමති බවත් ඔහුට මැණික්‌ගල් බැලීමට අවශ්‍ය බවත් අනුරංග ප්‍රසන්න මුදලාලිට පැවසීය.

නුවර තම කාර්යාලයට පැමිණියහොත් මැණික්‌ගල් පරීක්‍ෂාකර බැලීමට හැකි බව ප්‍රසන්න මුදලාලි අනුරංගට පැවසීය. එවිට ඔහු පැවසුවේ අරාබි ජාතික ව්‍යාපාරිකයා තැන තැන ගොස්‌ ගනුදෙනු කිරීමට අකමැති බවත් ඔහු කැමති හෝටල්වල ගනුදෙනු සිදුකිරීමට බවත්ය.

එසේ නම් මාවනැල්ල පහළ කඩුගන්නාවේ තියෙන තමාගේ හෝටලයට අරාබි ජාතිකයා සමග පැමිණ මැණික්‌ ගල් ටික පරීක්‍ෂා කර බලන ලෙස ප්‍රසන්න මුදලාලි අනුරංගට පැවසීය. අනුරංග එයට කැමති වී ඉක්‌මණින් දිනයක්‌ දැනුම් දෙන බවට පොරොන්දු විය.

කතා කරගත් පරිදි අනුරංග මැණික්‌ ගනුදෙනුව සිදුකිරීම සඳහා දිනයක්‌ ලබාදුණි. ඒ පසුගිය අප්‍රේල් මස 29 වැනිදාය. 

එදින උදැසන අනුරංග සහ අරාබි ජාතික ව්‍යාපාරිකයා සුඛෝපභෝගි මෝටර් රථයකින් නුවර බලා යැමට පිටත් විය. මේ ගමනට තැරැව්කාර විමලරත්නද සහභාගි විය. ප්‍රසන්න මුදලාලිට එදින වැඩ අධික දවසක්‌ වුවත් නියමිත වේලාවටත් ප්‍රථම නුවර සිට තම මාවනැල්ලේ පිහිටි හෝටලයට මැණික්‌ ගල් නමයත් රැගෙන පැමිණ තිබුණි. ඒ තම පියාවන අමරසේන මුදලාලි සහ මාමා කෙනෙකු සමගයි. මෙම මාමා ප්‍රසන්න මුදලාලිගේ ව්‍යාපාර කටයුතුවලදී ළඟින්ම උදව් කළ පුද්ගලයෙකි. ප්‍රසන්න මුදලාලි හෝටලයට පැමිණ ගනුදෙනුකරුවන් හට දුරකථන ඇමතුම් කිහිපයක්‌ ලබාගත්තේද ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

දහවල් 11.30 පමණ වන විට අනුරංග ඇතුළු පිරිස පැමිණි මෝටර් රථය මාවනැල්ලේ ප්‍රසන්න මුදලාලිගේ හෝටලය වෙත ළඟා විය. 

අනුරංග සහ විමලරත්න මෝටර් රථයෙන් බැස හෝටලය ඇතුළට ගියත් අරාබි ජාතික ව්‍යාපාරිකයා මෝටර් රථය තුළට වී සිටියේය. ඒ සමගම ඔහුන් පැමිණි මෝටර් රථයේ රියෑදුරු වාහනයේ මුහුණත පාර දෙසට සිටින සේ හරවා එන්ජිම නතර නොකර පනගන්වාම තිබුණි. ඒ අසළම ප්‍රසන්න මුදලාලිගේ මෝටර් රථය හෝටලය දෙසට මුහුණත සිටින සේ නවතා තිබුණි.

ප්‍රසන්න මුදලාලි පැමිණි පිරිස සුහදව පිළිගත් අතර අරාබි ජාතික ව්‍යාපාරිකයා නොසිටීම නිසා මවිතයට පත්විය. අනුරංගට එය ඉවෙන් මෙන් දැනී එක්‌වරම ඔහු පැවසුවේ අරාබි ජාතික ව්‍යාපාරිකයා මෝටර් රථය තුළට වී සිටින බවයි. 

ප්‍රසන්න මුදලාලි පැවසුවේ එම ව්‍යාපාරිකයා හෝටලය තුළට රැගෙන එන ලෙසය. එවිට අනුරංග පැවසුවේ ඔහුව මෙම හෝටලය තුළට රැගෙන ඒමට පහසුකම් නොමැති බවයි.

අනුරංග වෙනත් හෝටලයක්‌ බලා යැමට යෝජනා කළත් ප්‍රසන්න මුදලාලි එයට අකමැති විය. අවසානයේ එම හෝටලයේ කාර්යාල කාමරයේදි මැණික්‌ ගල් නවය බැලීමට එකඟ විය. අනුරංග පැවසුවේ මුලින්ම තමා මැණික්‌ ගල් බලා පසුව අරාබි ජාතික ව්‍යාපාරිකයාව කැඳවාගෙන එන බවයි.

ඒ අනුව ප්‍රසන්න මුදලාලි ඇතුළු පිරිස එම හෝටලයේ කාර්යාල කාමරයට පැමිණියේය. එවිට මැණික්‌ ගල් පාර්සලය තිබුණේ ප්‍රසන්න මුදලාලිගේ මාමා අතේය. ඔහු මැණික්‌ ගල් පාර්සලය පරීක්‍ෂා කර බැලීම සඳහා අනුරංග අතට දුන්නේය. 

ගතවූයේ නිමේෂයකි. සිදුවූයේ කවුරුත් නොසිතූ දෙයකි. මැණික්‌ ගල් පාර්සලය අතට ගත් අනුරංග එය පරීක්‍ෂා කිරීම පසෙක දමා කෙටි දුර ධාවන ශූරයකු සේ දිවවිත් ඔවුන් ආ මෝටර් රථයට ගොඩවිය. ඒ ක්‍ෂණයෙන්ම පණගන්වා තිබූ මෝටර් රථය මහ පාර හරහා පවනට බඳු වේගයෙන් ඉගිල ගියේය. තත්පර ගණනක්‌ ඇතුළත සිදුවූ මෙම සිදුවීම චිත්‍රපටයක දසුනක්‌ බඳු විය. ප්‍රසන්න මුදලාලි තම මෝටර් රථය රැගෙන ඔවුන් පසුපස එළවීමට තැත් කළත් එය අසාර්ථක විය. ඒ තම මෝටර් රථය හරවා මාර්ගය දෙසට දමන විටත් විනාඩි ගණනක්‌ ගතවීම නිසාවෙනි.

විමලරත්නට සිදුවූයේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වැනි දෙයක්‌ය. තමා රැගෙන ආ පිරිස මංකොල්ලකරුවන් පිරිසක්‌ බව විමලරත්න දැනගත්තේ ඔවුන් මැණික්‌ තොගයත් රැගෙන පලාගිය පසුවයි.

කෝටි විසි හයකට අධික තම මැණික්‌ තොගය මංකොල්ලකරුවන් පිරිසක්‌ රැගෙන යැම නිසා ප්‍රසන්න මුදලාලි ඇතුළු පිරිස සිටියේ කුමක්‌ කරන්නද කියා සිතා ගැනීමට නොහැකිවයි. මේ අතර විමලරත්න පැවසුවේ තමා මේ කිසි දෙයකට සම්බන්ධ නොමැති බවයි.

ප්‍රසන්න මුදලාලිගේ ඔළුව අවුල් වී තිබිණි. මේ වෙලාවේ ඔහු කළේ එක දෙයකි. ඒ තමා නිතරම යන දේවාලයට ගොස්‌ මේ අවනඩුව දෙවියන්ට පැවසීමය. ප්‍රසන්න මුදලාලිගේ මාමා වහාම මාවනැල්ල පොලිසියට ගොස්‌ මේ පිළිබඳව පැමිණිලි කළේය.

හෝටලය තුළ තිබුණු සී.සී.ටී.වී. කැමරා තුළ මෙම මංකොල්ලකරුවන්ගේ ඡායාරූප පැහැදිළිව සටහන් වී තිsබිණි.

එම කැමරාවලින් ලබාගත් තොරතුරු ඔස්‌සේ ඔවුන් පැමිණි මෝටර් රථයේ අංක සොයාගෙන පොලිසිය ඒ ඔස්‌සේද පරීක්‍ෂණ පැවැත්විය. එහිදී අනාවරණය වූයේ එම අංකය කාන්තන්කුඩි ප්‍රදේශයේ මෝටර් සයිකලයක අංකයක්‌ බවයි.

කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදු කළහ.

මෙම පිරිස කොළඹ හමුවුණ තරු පහේ හෝටලයේ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන්ට එදින මොවුන් පැමිණි මෝටර් රථයේ අංකය සොයා ගැනීමට හැකි විය. එම මෝටර් රථයේ අංකය මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන් පරීක්‍ෂා කිරීමේදී එය ගොඩකවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට අයිති එකක්‌ බවට හෙළි විය.

එම ලිපිනය සොයාගෙන යැමේදී එය වාහන කුලියට දෙන ස්‌ථානයක්‌ බවට තහවුරු විය. එහි අයිතිකරුගෙන් එම වාහනය පිළිබඳ විමසූ විට පැවසුවේ තුන්දෙනකු පැමිණ දින කිහිපයකට උඩදී එම මෝටර් රථය කුලියට ගත් බවත් තවමත් එය ආපසු භාර නොදුන් බවත්ය.

ඔවුන් මෝටර් රථය ආපසු භාර නොදීම පොලිස්‌ පරීක්‍ෂණවලට ඉමහත් රුකුලක්‌ විය. පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු එම ස්‌ථානය අවට දිවා රෑ වෙස්‌වලාගෙන 
රැකවල් ලාගෙන සිටියේය. ඒ කොයි මොහොතක හෝ මෙම මංකොල්ලකරුවන් වාහනය භාරදීමට ඒවි යෑයි සිතාගෙනය.

පොලිස්‌ නිලධාරීන්ගේ එම සිතුවිල්ල සැබෑ කරමින් මැයි පළමුවැනිදා රාත්‍රි මෙම මංකොල්ලකරුවන් පිරිස එම මෝටර් රථය ආපසු භාරදීම සඳහා පැමිණියේය. ඒ සමගම රැකවල් ලා ගෙන සිටි පොලිස්‌ නිලධාරීන් වහාම ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් තිදෙනා මැණික්‌ කොල්ලය පිළිබඳ සියලු තොරතුරු පොලිසියට වැමෑරූහ. ඒ වන විට ඔවුන් එක්‌ මැණික්‌ ගලක්‌ හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් අනූදාහකට විකුණා තිබිණි. අරාබි ජාතික ව්‍යාපාරිකයකු ලෙස රඟපෑ පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් මොහොතේ තවත් එක්‌ මැණික්‌ ගලක්‌ ඔවුන් ළඟ තිබී ඇත. අනික්‌ මැණික්‌ ගල් හත බලංගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනුණි. මෙම මංකොල්ලය සිදු කළ පුද්ගලයන් තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ මධ්‍යම පළාතේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්‍ෂක නිලධාරියෙකි.

කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දිසානායක සහ අනෙකුත් නිලධාරීන්ගේ දක්‍ෂතාව හා කැපවීම මත මෙම මැණික්‌ කොල්ලය සිදුකර දින කිහිපයක්‌ ඇතුළත අපරාධ කරුවන් නීතියේ රැහැනට ඉදිරිපත් කිරීමට හැකි විය.

* ගයාන් සමරසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos