ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ බඩාක්ෂාන් ප‍්‍රදේශයේ ගම්මානය සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 2700කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බවට විශ්වාස කරන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළා. 350 දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති අතර තවත් 2300කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටිනවා. ගම්මානයට ඉහළින් ඇති කඳු වැටිය නාය යාමෙන් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර අතුරුදන්වූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මකයි.