දියණිය පැහැර ගන්නා බවට තර්ජනය කර, වත්තල ප්‍රදේශයේ ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 18 ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයින් තුන් දෙනෙකු බස්නාහිර, උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත්වූවන් අතර 71 හැවිරිදි විදුහල්පතිනියක් සහ 35 හැවිරිදි ඇගේ ඥාති දියණියක් ද වන බව ය.
ඔවුන් විසින් අදාළ ගුරුවරිය බියගන්වා, විටින් විට එම කප්පම් මුදල ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ සැකකරුවන් අදාළ ගුරුවරියගෙන් තවත් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත් අඩංගුවට ගත් බව ය.