-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හෙද නිලධාරින් සඳහා සුතිකා පුහුණුව ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලමින් හෙද නිලධාරින් ආරම්භ කළ වැඩ වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව දිවයින පුරා සියළු රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය අද සිට සිය සේවාවලින් ඉවත් සිටින බව ය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වු බවද ඔහු සඳහන් කළේය.
වර්ජනය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක කටයුතු අඩාල වී තිබේ.
කෙසේ වෙතත් හදීසි සේවා සඳහා පමණක් තම දායකත්වය ලබාදෙන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.
කෙසේවෙතත්, සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව දුෂ්කරතාවට පත්ව සිටිති.
මේ අතර රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සංගමයේ ලේකම් දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසන්නේ තම සාමාජිකයින්ගේ ජීවිත ආරක්ෂාවට බලපෑම් එල්ල වුවහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ මෙම ගැටළුව විසඳීම සඳහා බලධාරින් කඩිනමින් මැදිහත්විය යුතු බව ය.
මේ, ඊට ප්‍රතිචාර දක්වන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos